AD HERE

කොළඹ කුණු පුත්තලමට ගෙන යෑම සදහා ජනාධිපති රුපියල් මිලියන 200ක මුදලක් ලබා දෙයි

කොළඹ කුණු පුත්තලමට ගෙන යෑම සදහා පුත්තලම අරුවක්කාර කසල බැහැර කිරීමේ අංගනය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 200ක මුදලක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පසුගිය රජය සමයේ ද නාගරික

සංවර්ධන හා ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා කොළඹ කුණු පුත්තලමට ගෙන යෑම සදහා විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අතර එම වැඩ පිළිවෙල වත්මන් රජය යටතේ ක්‍රියාත්මක කිරිමට යෑම සතුටට කරුණකී.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කසළ කළමනාකරණය හා  නගර පවිත්‍ර කිරීම්  සිදු කළේ ත්‍රිවිධ හමුදාව යොදවමින් බවත් ඒ ආකාරයට ත්‍රිවිධ හමුදාව යොදවා කසළ කළමනාකරණය සහ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
එම අමාත්‍යාංශයේදී  14 වනදා පැවැති හමුවකදී ඔහු මේ බව  ප්‍රකාශ කර සිටියේය. ඒ පිළිබඳව තමා විසින්  ජනපතිවරයාට යෝජනාවක් කළ බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
ඩෙංගු රෝගය ලෝකය පුරාම වර්තමානයේ ව්‍යාප්ත වී තිඛෙනවා. එහිදී කසළ කළමනාකරණය ඉතාම වැදගත්. ඒ සඳහා දැඩි නීති රීති ගෙන ආ යුතුයි. කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල තවමත් කසළ ගොඩගැසී ඇති අයුරු දක්නට ලැඛෙනවා.
කසළ කළමනාකරණයට ජනතාවගේ දායකත්වය ද විධිමත්ව ලැබිය යුතු අතර, තම නිවාසවල එකතු වන කසළ විනාශ කිරීමට ජනතාව පියවර ගත යුතුයි යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය