AD HERE

දියර කිරි පිටි කිරීමට හැකි අංග සම්පුර්ණ කර්මාන්ත ශාලාවක් 2015 වසර වනවිට ඉදිකොට අවසන් කර ඇතත් මෙතෙක් විවෘත කර නෑ

වර්තමානය වනවිට රටපුරා කිරි ගොවින් ගැටළු රැසකට මුහුණපා සිටින බවත් දිනපතා කිරි ලීටර් දහස් ගණන් මහපොළොවට හලා විනාශ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 17 දින දඹුල්ලේදී මාධ්ය හමුවක් පවත්වමින් කිවේය .
මේ මාධ්ය හමුව දඹුල්ල අතුපාරයය ගම්මානයේ ගව ගාලක කිරි ගොවි ගෙවිලියන් සම්බන්ධ කර ගනිමින් පැවැත්වීම විසේෂත්වයකි .
මෙහිදී නාමල් කරුණාරත්න මහතා කිවේ දිනකට කිරි ලීටර් එක්ලක්ෂ විසිපන්දහසක් මහපොළොවට හලන බවය .එයට හේතුව කිරි නිෂ්පාදන ක්රමවත් නොවීම බවය .ගොවීන්ගේ කිරි මිලදී නොගැනීමට ප්රමිති සකසන බවටද චෝදනා කළේය .
දේශීය පිටි කිරි වෙනුවට විශාල වශයෙන් වෙදේශීය පිටි කිරි ගෙන්විමද තවත් කරුණක් බව කියයි .අබේවේල දිනකට කිරි ලීටර් ලක්ෂ 3ක් පිටි කිරීමට හැකි අංග සම්පුර්ණ කර්මාන්ත ශාලාවක් 2015 වසර වනවිට ඉදිකොට අවසන් කර ඇතත් මෙතෙක් විවුර්ත නොකර තිබෙන බව කිවේය .
විෂය භාර ඇමති පි .හැරිසන් මහතා පසුගිය දිනවල ගොවීන්ට බෙදාදීම සදහා කිරි හරක් 2000ක් ගෙන්වා ඇති බවත් එම හරක් ගොවින් 5600ක් දෙනා ඉල්ලුම් කර ඇතත් නියෝජ්ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා .ට පශු සම්පත් අංශයේ අධ්යක්ෂ වරියකුගේ සමියකුඇතුළු තවත් දේශපාලන හිතවතුන් 19 දෙනකුට බෙදා ඇති බවට චෝදනා කල අතර තොරතුරු දැනගැනීමේ පනත අනුව එම තොරතුරු ඉල්ලා සිටින බවද කිවේය.
ආණ්ඩුව කඩිනමින් කිරි ගොවීන්ගේ ප්රශ්නය විසදීමට මැදිහත් නොවුනහොත් කිරි ගොවින් සමග ගොම අතැතිව බලධාරීන් හමුවට පැමිණීමට තම සංගමය ගොවීන්ට නායකත්වය දෙන බව කිවේය.