AD HERE

පොළොන්නරුව ඉරහඳකෙටූවැව මහා විද්‍යාලයේ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දෙන උත්සවය ද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ ආරම්භ විය.

විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ ප්‍රදානය කිරීම මෙන්ම ආදි ශිෂ්‍යයින් ඇගයීම යටතේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, පරිපාලන නිලධාරී තිස්ස දයාරත්න, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහිණි සමරසිංහ යන මහත්ම මහත්මීන් වෙත සිහිවටන තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.