AD HERE

හිටපු ජනපති පාකිස්ථානයේ ඉස්ලමාබාත් නුවර බලා පිටත්ව යයි

 මහින්ද රාජපක්‍ෂ මැතිතුමා (19) අද දහවල් පාකිස්ථානයේ ඉස්ලමාබාත් නුවර බලා පිටත්ව ගියේය.
එතුමා මෙසේ පාකිස්ථානය බලා පිටත්ව ගියේ පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන උත්සවයේ ආරාධිත විශේෂ දේශනය පැවැත්වීම සඳහාය. මෙම උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම හා හිටපු විදේශ අමාත්‍ය G L පීරිස් යන මහත්වරුන් සහභාගි 
විය.