AD HERE

රංගිරි දඹුලු විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමිගේ තීරණය වෙනස් උනේ අැයි? අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්


රංගිරි දඹුලු විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමියෝ ඊයේ(21)මාධ්‍ය හරහා මට චෝදනාවක් එල්ල කරනවා පුරාවිද්‍යාව සම්බන්ධ කරණා සහ රංගිරිදඹුලු විහාරය රජයට පවරා ගැනීමට යනවා කියල. සඟ සතු දේපල බලහත්කාරයෙන් අත්පත් කරගන්න රජයක් ලෙස අපට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි එහෙම ප්‍රතිපත්තියක කවදාවත් වැඩ කරලා නැහැ. පුරා විද්‍යා විෂය මගේ විෂයපථයට ඇතුළත් කරපු නිසා ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය ගැන ගැඹුරින් අපි අධ්‍යයනය කළා.මම රංගිරි දඹුලු රජමහ විහාරයේ සංචාරයක් කළා පෙබරවාරි මාසේ 11 වෙනිදා. එතකොට දැක්කා ඒ ලෙන් විහාර සහ චිත්‍ර නිසි අධීක්ෂණයකින් තොර වෙච්චි හින්ඳ ඒවාට වෙලා තියන හානිය. අක්‍රමවත් පරිපාලනය හින්ද දඹුල්ල පුරාවස්තු සහ චිත්‍ර එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්ව යාමේ අවදානමකුත් ඒ අවස්ථාවේ තිබුනා. මම යුනෙස්කෝ ආයතනයේ ලංකාවේ සභාපති ලෙසත්, විධායක කමිටු සාමාජිකයෙකු ලෙසත් කිසි ලෙසකින් මෙයට ඉඩදීමට පුළුවන්කමක් තිබුනේ නැහැ. ඒ අනුව යුනෙස්කෝ ආයතනයේ කොමසාරිස් එරිනා බෝකොව මැතිනිය ලංකාවේ සංචාරය කරනවා. අපි එතුමිය සිගිරිය වගේම දඹුල්ල විහාරය බලනන්නත් කැඳවාගෙන යනවා. යම් කිසි පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෝක උරුමයක් ලෙස නම් කළ විට සංචාරක ආකර්ෂණය මෙන් ම එම රටට විශාල ගෞරවයක් එකතු වෙනවා.
රංගිරි දඹුලු විහාරයේ සංචාරකයන්ගෙන් ගාස්තු අයකිරීමේ ක්‍රමයක් මධ්‍යම සංස්කෘතික අරමුදල අසුව දශකයේ සිට 1996 වෙනකම් ක්‍රියාත්මක කළා. නමුත් විහාර භාරකාර ස්වාමින්වහන්සේලාගේ දැනුම් දීම මත මධ්‍යම සංස්කෘතික අරමුදල මේ මුදල් එකතුකරන ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා. දඹුල්ල පුරා විද්‍යාත්මක ස්ථානයක් විදිහට 1976 අගෝස්තු 20 වෙනිදා අංක 1/295 යටතේගැසට් කරලා තියනවා. ඒ වගේම පුරාවිද්‍යා සංශෝධිත පනතේ 40(e) වගන්තිය අනුව එය නරඹන්න එන අයගෙන් ගාස්තු අයකරන්න ඉඩකඩ ලබා දීල තියනවා. අපි ක්‍රියාත්මක කරන්නේ ඒ බලයයි. ඒවගේම අපිට තියන ඒ අයිතිය පිළිබඳව නීතිමය තත්වයත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් තහවුරු කරගෙන තියනවා.
අපිට ව්‍යවස්ථාපිතව පැවරිලා තියනවා වගකීමක් nqoaOYdikh iqrlaIs; fldg fmdaIKh lරන්න. මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ඒ වගකීමට මහගු දායකත්වයක් සපයනවා. අපි පුරාවිද්‍යාත්මක ස්ථාන සංචාරකයන්ට විවෘත කරලා උපයන අදායම යොදවන්නේ පෞරාණික වෙහෙර විහාර නඩත්තු කරන්න, සංවර්ධනය කරන්න.
අපි මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා ඉතා විශාල මුදලක් යොදවල තියනවා වෙහෙර විහාර සංවර්ධනය කරන්න.
ඒ වියදම් අතරින් සමහරක් මෙහෙමයි.
වලබම්බා පිරිවෙන ප්‍රතිසංස්කරණයට (2015/16) වසර වල රු.මි. 3.5              
උයන්වත්ත රජමහ විහාරයේ ප්‍රතිසංස්කරණයට (2015/16 ) වසර වල රු.මි. 2.2.
රන්ගිරිපාය විහාරය2017 වසර සදහා  රු.මි 5.5 (ඇස්තමේන්තු කර ඇත)
·         2017 වසර සදහා දිවයින පුරා පිහිටි විරස්ථාන 123 ක නව ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණය සදහා මධ්‍යම සංස්කෘතික අරමුදල වෙන්කර ඇති මුදල රු.මි.443.
·         2017 වසර සදහා දිවයින පුරා පිහිටි ආර්ථික දුෂ්කරතා ඇති විහාරස්ථාන 143වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල වෙන්කර ඇති මුදල  රු.මි.50

·         යාපනේ නාගවිහාරයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කර ඇති මුදල  රු.මි.7.5

·         පොළොන්නරුවේ ගල්විහාරයේ සංඝ ආවාසය සංවර්ධනයට රු.මි.15 ඇස්තමේන්තු කර ඇති අතර මේ වනවිට රු.මි.7.5 (මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්) ලබාදී ඇත.(අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඩරුවේ උපාලි හිමියන්ගේ පන්සල)
·         මහනුවර වත්තේගම පන්සලේ තාප්පයසැදීමට(මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්) මුදල් වෙන්කර මේ වනවිට ටෙන්ඩර් කැදවා ඇත. (අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන්ගේ පන්සල).
ගොඩගම මංගල හිමියෝ මට චෝදනා කරනවා විහාර වල වන්දනා කරන්න එන අයගෙන් ගාස්තුවක් අය කරන්න අපි කටයුතු කරනවා කියල. මම ඉතාම වගකීමෙන් කියනවා මධ්‍යම සංස්කෘතික අරමුදල ලංකාවේ කිසිම සිද්ධස්ථානයක් වන්දනාමාන කරන්න යන කිසිදු දේශීය බැතිමතෙක්ගෙන් කිසිදු ආකාරයක ගාස්තුවක් අයකරන්නේ නැහැ කියල. අපිට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ.
පෙර රාජයන් යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා වෙහෙර විහාර වල සංරක්ෂණයට  චෙක් පත් මගින් මුදල් ලබාදීමේ ක්‍රමවේදයක් තිබුනා. අපි ඒ ක්‍රමය විදිමත් කරලා දැන් ප්‍රාදේශීය ලේකම් වරුන් හරහා ඒ මුදල් යොදවල සංරක්ෂණ කටයුතු සිදු කරනවා. අපි මේ හැම දෙයක්ම ඉතාම පාරදෘශ්‍ය ආකාරයට සිදුකරනවා. අපි මධ්‍යම සංස්කෘතික අරමුදලේ දුෂණ ක්‍රියා නැවැත්තුවා. විවිධ ව්‍යාජ ව්‍යාපාර හරහා දේශපාලකයින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් කොල්ල කන එක නැවැත්තුවා.
මෙතෙක් පැවති රජයන් මේ මිල නිම කළ නොහැකි පුරාවස්තු විනාශ වෙලා යන්න ඉඩ හැරියා. නමුත් මට එහෙම කරන්න බැහැ. මේ ස්ථාන සංවර්ධනය කරලා මතු පරම්පරාවට දායාද කරන්න නිශ්චිත ක්‍රමවේදයක් හදන්න ඕනේ. මම සිංහල බෞද්ධයෙක් හැටියට ඉතාම සද්භාවයෙන් යුතුව තමයි මේ දේවල් කරන්නේ.
මගේ දඹුල්ල සංචාරයෙන් පසුව ගොඩගම මංගල නායක හමුදුරුවෝ පෙබරවාරි මාසේ 15 වෙනිදා අධ්‍යාපන අමාත්‍යංශයට වැඩම කරනවා. ඒ සාකච්චාවේදී අපි වාචිකව එකග වුනා මධ්‍යම සංකෘතික අරමුදල මගින් සංරක්ෂණ කටයුතු අරම්භ කරන්නත්, පසුව ටිකට් පතක් නිකුත් කරන්න අවශ්‍ය කටයුතු කරන්නත්. ඒවා එදා සාකච්ඡා වාර්තාවල අඩංගු වෙනවා. අද උන්වන්සේ තමන්ගේ ස්ථාවරය වෙනස් කරගෙන මේ ප්‍රකාශ කරනවා. අපි පෙබරවාරි 15 සාකච්ඡා කර ගත්ත හැටියට මධ්‍යම සංස්කෘතික අරමුදල දඹුල්ල විහාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරනවා. ඒ වැඩේට දේශීය මෙන්ම විදේශීය දැනුමත් ලබාගන්නවා. ඒ අනුව තමයි ඉතාලියේ ඉක්රොම් ආයතනයේ මහාචාර්ය වර්නර් ස්මිත්  ලංකාවට පැමිණෙන්නේ.
අතීත උරුමය අප මතු කර ගන්නේ විශාල වියදමක් දරමින්. ඒ මතු කර ගත් අතීත උරුමය ඒ වටිනාකම අප අනාවරණය කළ යුතුයි. එය මහජනතාවට ප්‍රදර්ශනය කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයන් කළ යුතුයි. කෞතුකාගාර ඉදි කර යුතුයි. පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ද දැනුම් කේන්ද්‍රස්ථාන ඉදි කළ යුතුයි. විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගත හැකි අයුරින් අප රටේ අතීත උරුමය ශ්‍රී විභූතිය ප්‍රවර්ධනය කළ යුතු යි. පුරා විද්‍යාත්මක සාධක සාක්ෂි සංචාරක ආකර්ශනය දිනා ගන්නා සම්පත් බවට පත් කර ගත යුතුයි. සංචාරකයින් හරහා ලැබෙන ආදායම නැවත මේ පුරා වස්තු සංරක්ෂණයටත් සංචාරකයන්ගේ පහසුකම් සංවර්ධනය කිරීමටත් යෙදවිය යුතුයි. පුරා විද්‍යා උරුමයන් අප මතු කර ගත යුත්තේ ගබඩා කර තැබීමටවත්සඟවා තැබීමටවත් නෙවෙයි.
ආචාර්ය ගොඩගම මංගල හිමියෝම 21-06-2017 දඹුල්ල විහාරයේ සිදු වෙලා තියන මුදල් අවභාවිතාවක් ගැන මාධ්‍ය දැනුවත් කිරීමක් කළා. එවැනි මුදල් අවභාවිතාවන් ගැන හෙළි කිරීමත් එක හේතුවක් වුනා අපිට මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් දෙන්න දඹුල්ල විහාරයටත් විධිමත් වැඩපිළිවෙලක් හඳුන්වා දෙන්න කියල.
ඒ වගේම මම සදහන් කරන්න ඕනේ දඹුල්ල විහාරයට ඉතා විශාල අදායමක් ලැබෙනවා. අපි ඒ පිළිබඳව සොයා බලල තියනවා. බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ 02-03-2017 ලිපියට අනුව දඹුල්ල විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශකර ඇති ටිකට්  ආදායමවසරකට මිලියන 2.9 කි. අපගේ ගණනය කිරීම් අනුව මෙය කිසිසේත්ම සත්‍ය විය නොහැක. මේ ලැබෙන මුදල් නිසි ආකාරයට යොදවන්න අපි මේ උත්සාහ කරන්නේ. මේ කාරණාව ගැන නිසි විගණනයක් කඩිනමින් කරන්න කියල අපි බෞද්ධ කටයුතු කොමසාරිස්ට දන්වා තියනවා.
දඹුල්ල විහාරයේ ඉතා විශාල අනවසර ඉදිකිරීම් ප්‍රමාණයක් සිදුකරලා තියනවා. එම අනවසර ඉදිකිරීම් සහ අක්‍රමවත් පරිපාලනය හේතු වෙනවා රංගිරි දඹුලු විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන්නත්. මේ කටයුතු දැන්වත් නිසි අධීක්ෂණයක් යටතේ වෘත්තීය භාවයකින් යුක්තව සිදුවිය යුතුයි.
අපි මේ සෑම දෙයක්ම කරන්නේ ඉතාම සද්භාවයෙන් යුක්තවයි. අපේ ඓතිහාසික ශ්‍රී විභූතිය  විදහා දක්වන අපේ ජාතික උරුමයන් මතු පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කිරීමට අපේක්ෂා කරන සියලුම දෙනාගෙන් මම ඉතාමත් ඕනෑ කමින් ඉල්ලා සිටිනවා අපි මේ කරන වැඩපිළිවෙලට සහයෝගය දක්වන ලෙස.



විඩියෝව පහළින්