AD HERE

බුද්ධ ධර්මය තුළ තණ්හාව, වෛරය, ක්‍රෝධය, හිංසාව, ප්‍රචන්ඩ ක්‍රියා ආදිය ප්‍රතික්ෂේප කරනවා. ඒ දර්ශනය බටහිර ලෝකය තුළ අවධානයට ලක්වී තිබෙනවා.- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

25 වන දින අමරපුර නිකායේ සාමනේරයන් වහන්සේලා 300 නමක් උපසම්පදාව ලබා ගන්නවාඅමරපුර නිකායේ ඉතිහාසය මම විශේෂයෙන් කිව යුතු නැහැඅතීතයේදී පහත රට බෞද්ධ ප්‍රබෝධයට රුකුලක් ලෙස අමරපුර නිකාය කටයුතු කළා. 19වන ශත වර්ෂයේ බෞද්ධ ප්‍රබෝධය සදහා අමරපුර නිකාය කටයුතු කළාඑය අප කවුරුත් අමතක නොකළ යුතුයිඅමරපුර නිකායේ එම ගෞරවය ආරක්ෂා කර ගනිමින් අප ඉදිරියටයා යුතුයිපුජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස හිමියන් අමරපුර නිකායේ නව මහා නායක ලෙස සහභාගි වන මෙම පළමු උත්සවයේදී මම උන් වහන්සේට සුභ ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
මම මහා නායක ස්වාමීන් වහන්සේ සමඟ දශක ගණනාවක් තිස්සේ ආශ්‍රය කරනවාඅපි බෞද්ධ කටයුතු ජාතික කටයුතු ආදී වැඩ කටයුතු ගණනාවක් පිළිබදව සාකච්ඡා කර තිබෙනවාඑමනිසා මෙම අමරපුර නිකාය උන්වහන්සේගේ නායකත්වයෙන් තවත් ඉදිරියට දියුණු වේවා කියා මම සුභ පතනවා.
මෙහි පැමිණෙන විට මට එක් සිද්ධියක් මතකයට නැගුණාපසුගිය දිනක මා නිව්යෝක් නගරයේ සිටින විට මගේ මිත්‍රයෙකු මා හමුවීමට පැමිණියාඅබලන් වී ගිය පැරණි පල්ලියක ගොඩනැගිල්ලක් ඔහු මිලදී ගත් බවත් එය දැන් බෞද්ධ කටයුතුධර්ම දේශනා ආදිය සදහා යොදවන බවත් එහිදී ඔහු පැවසුවාඑවිට අවශ්‍ය කරන මුදල් සොයා ගත්තේ කෙසේදැයි මා විමසුවාමා දන්නා තරමින් එම ප්‍රදේශයේ එතුමාත් ඇතුළුව තව එක් ශ්‍රී ලාංකිකයෙක් පමණයි ජීවත්ව සිටියේනමුත් එම ප්‍රදේශයේ සියල්ලන් එකට එක්වී අවශ්‍ය මුදල සොයා දුන් බව ඔහු පැවසුවානගරයේ ජීවත් වන  බෞද්ධ නොවන සුදු මිනිසුන්ගේ එකතුවෙන් එම මුදල් සොයා දුන්නේ දැයි මා විමසුවාඑවිට එම නගරයේ බොහෝ පුද්ගලයන්ට බුද්ධ ධර්මය පිළිබද අවබෝධයක් ඇති බවත් අනෙක් පුද්ගලයන් බුද්ධ ධර්මය පිළිබදව දැනගැනීමට කැමැත්තක් දක්වන බවත් මීට පෙර ධර්ම දේශනාවකට සංඝයා වහන්සේ වැඩම කළ අවස්ථාවකදී ඔවුන්ද ඊට සහභාගි වූ බවත් ඔහු මා සමග පැවසුවා.
එමෙන්ම මෙම පැරණි පල්ලියේ ශාලාව බෞද්ධ ධර්ම දේශනා සදහාත් අනෙකුත් වැඩ කටයුතු සදහාත් ගැලපෙනම ස්ථානය බව ඔවුන් සියල්ලන්ගේම එකතුවෙන් තීරණය කර තිබෙනවාඑය එම ප්‍රදේශයේ සමස්ත ප්‍රජාව විසින් එකමුතුව ගත් තීරණයක්අද ලෝකයේ බුදු දහම පිළිබදව අළුත් උනන්දුවක් ඇති වී තිබෙනවාවෙනත් භක්තිකයන් වුවත්  මේ ධර්මය කුමක්ද,  බුදුන් වහන්සේ යනු කවුද ආදිය පිළිබදව දැන ගැනීමට කැමැත්තක් දක්වනවා
ඇමෙරිකානු ජනතාව පළමුවෙන්ම බෞද්ධ ධර්මය පිළිබදව දැන ගත්තේ චීනයකොරියාව ආදී මහායන බෞද්ධ ධර්මය ඇති රටවල් හරහායිඅප ශ්‍රී ලංකාවේදී ඕල්කට් මැතිතුමා පිළිබදව කරුණු අධ්‍යයනය කළත් ඉන් බොහෝ දෙනෙක් චීනයජපානයකොරියාවතායිවානය ආදි රටවල් සමගත් සම්බන්ධතා පවත්වා තිබුණාඉන් ඇතැම් අය වියට්නාමයටත් ඇතමුන් කාම්බෝජියාවටත් පැමිණියාඅද ලෝකයේ විශ්ව විද්‍යාල තුළ ආසියාවදකුණු ආසියාවඅග්නිදිග ආසියාව බෞද්ධ ධර්මය ආදිය පිළිබදව පාඨමාලා ද පවතින බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් ඇතිව තිබෙනවාඑය පුදුමයට කරුණක්බටහිර ලෝකය වර්තමානයේ තරම් දියුණුව පැවති යුගයක් තවත් නැහැතාක්ෂණයෙන්තොරතුරු තාක්ෂණයෙන් ආදි සියල්ලන්ගෙන් බටහිර ලෝකය ඉදිරියෙන් පසුවනවාමේ වනවිට ඔවුන් මනස කුමක්දැයි දියුණු යන්ත්‍ර යොදාගෙන පරීක්ෂණ පවා සිදු කරනවා.
මීට පෙර නොතිබූ ධනයක් බටහිර ලෝකය තුළ වර්තමානයේ තිබෙනවාඑය ඇමරිකාවඑංගලන්තයජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල සිදුවෙනවානමුත් මේ වනවිට ඇතැම් අයට ලෞකික ජීවිතය පිළිබද ගැටළු මතුවී තිබෙනවා.  බලවත් රාජ්‍යයන් ලෙස යුද්ධ කිරීමේ අවසානය කුමක්දලෞකික සැප සම්පත්වල අවසානය කුමක්දඑවැනි ගැටළු ඔවුන්ට මතුව තිබෙනවාමීට විකල්පය කුමක්දැයි ඔවුන් කල්පනා කරනවාබුද්ධ ධර්මය පිළිබද ක්‍රමානුකූල නැඹුරුවක් ඇතිවන්නේ එවිටයිඑංගලන්තයේත් මේ වන විට බෞද්ධාගමිකයන් විශාල වශයෙන් සිටිනවාඑහි විහාරස්ථාන පාලනය වන්නේත් ඉංග්‍රිසි බෞද්ධයන්ගේ සහයෝගයෙන්බුද්ධ ධර්මයට වැඩි වශයෙන් නැඹුරු වන්නේ ජර්මන් ජාතිකයන්.
වර්තමානයේ දී ඔවුන් වැඩි වශයෙන් ථෙරවාදී බුද්ධ ධර්මය පිළිබද අවධානය යොමු කරනවාබුද්ධ ධර්මය පිළිබදව පුවත්පත් සඟරා ආදියෙන් දැනුම ලබාගන්නවාබුද්ධ ධර්මය තුළ තණ්හාවවෛරයක්‍රෝධයහිංසාවප්‍රචන්ඩ ක්‍රියා ආදිය ප්‍රතික්ෂේප කරනවාඒ දර්ශනය බටහිර ලෝකය තුළ අවධානයට ලක්වී තිබෙනවා.
අපට මේ අවස්ථාවේ සිදු කිරීමට තිබෙන්නේ මේ ධර්මය තව දුරටත් පැතිරවීමයිඑවිට ඇතැම් පිරිස් බුද්ධ ධර්මය වැළඳ ගනිවිඇතැම් අය ධර්ම දේශනා ආදියට සහභාගි වී දැනුම ලබා ගනිවිකෙසේ හෝ බුද්ධ ධර්මය පැතිරීවීමට ඉඩ සැලසීමට අප කටයුතු කළ යුතුයිබෞද්ධ පොත් පත් ඉංගි්‍රසි භාෂාවෙන් වැඩි වශයෙන් ලියවී ඇත්තේ  තායිලන්තයේයිඉන් දෙවැනි තැන හිමිවන්නේ ශ්‍රී ලංකාවටයිඅපි ඒ තත්වය තවත් දියුණු කළ යුතුයි.
ඇතැම් විදේශිකයන් වෙහෙර විහාරස්ථාන වෙත ගොස් මල් පහන් පුජා කරනවාඇතැමුන් ඊට වඩා ගැඹුරින් බෞද්ධ ධර්මය අධ්‍යයනය කිරීමට මෙහි පැමිණෙනවා.  එමනිසා අද මෙලෙස උපසම්පදා ලබන ස්වාමීන් වහන්සේලාත් ඇතුළුව අප සියළු දෙනාම එම තත්වය වර්ධනය කර ගැනීමට කටයුතු කළයුතුයිඒ සඳහා විදේශ භාෂා පිළිබද දැනුම අත්‍යවශ්‍යයිබුද්ධ ධර්මය නොමැති රටවල ජනතාවට බුද්ධ ධර්මය පිළිබදව සාමාන්‍ය අවබෝධයක් ලබා දීමට නම් විදේශ භාෂා පිළිබද දැනුම අවශ්‍ය වෙනවා.
පසුගියදා අප ජාත්‍යන්තර වෙසක් සමුළුව සාර්ථකව පැවැත්වුවාබෞද්ධාගමික රටක් ලෙස ඉන් අපට විශාල කීර්තියක් ප්‍රසිද්ධියක් හිමි වුණාඑවැනි දේ සිදු කරන අතර තුර අප විශේෂයෙන් බුදු දහම ආරක්ෂා කළ යුතුයිබුදු දහම පිළිබද වැරදි මත ඇතිවීමට ඉඩ නොදිය යුතුයිපැවිදි හෝ ගිහි වේවා අප භාවිතා කරන වචනවලින් හෝ ක්‍රියාවෙන් බුදු දහම අන්තවාදී දහමක් බව ඔප්පු වීමට ඉඩ නොදිය යුතුයිඅන්තවාදයට බුද්ධ ධර්මය තුල ඉඩක් නැහැබුද්ධ ධර්මය තුළ පමණක් නොව කිසිදු ආගමක් තුල අන්තවාදයට ඉඩක් නැහැනමුත් ඇතැම් ආගම් තුලට අන්තවාදය පැතිරීමෙන් සිදුව ඇති හානිය අප දැක තිබෙනවාබටහිර ලෝකයේත් බුදු දහම පිළිබද උනන්දුවක් ඇති මේ අවස්ථාවේ අප අන්තවාදයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතුයි