AD HERE

සල්මාන් කාන්ගේ “ටියුබ්ලයිට්” පාකිස්ථානයේ නිවෙයි වෙයිද?


සල්මාන් කාන්ගේ චිත්‍රපට සඳහා හොඳ ඉල්ලුමක් පවතින රටක් ලෙස පාකිස්ථානය ප්‍රසිද්ධව අැත. 

කෙසේ වෙතත් සල්මාන්ගේ නවතම චිත්‍රපටය වන “ටියුබ්ලයිට්” චිත්‍රපටය පාකිස්ථානයේ ප්‍රදර්ශනය නොකිරීමට ඒරට චිත්‍රපට බෙදාහරින්නන් කටයුතු කර අැතැයි වාර්ථා වේ. ඒයට හේතුව වී අැත්තේ මෙම චිත්‍රපටය සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීම බව ඔවුන් දක්වා තිබේ.

1962 වසරේ පැවති ඉන්දියා - චීන යුද්ධය පාදක කොටගෙන නිර්මාණය කර අැති මෙම චිත්‍රපටයයේ අැතැම් කාරණාද පාකිස්ථාන චිත්‍රපට මණ්ඩලයේ අවධානයට ලක්විය හැකි බව ඒහි වැඩිදුරටත් දැක්වේ. කෙසේ වෙතත් මෙහි නිෂ්පාදක සොහේල් කාන් පවසන්නේ මෙම චිත්‍රපටය පාකිස්ථානයේ ප්‍රදර්ශන කිරීම ගැන තමන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.