AD HERE

තම පුද්ගලික ෆේස්බුක් පිටුවේ කවි ලිවිම නිසා ස්ථාන මාරුවීමක්











මෙම මාධ්‍ය වාර්තා හුදෙක් වැරදි තොරතුරු පදනම් කරගනිමින් පළකර ඇති වාර්තාවන් ලෙස පළමු කොටම ප්‍රකාශ කරමි.

අදාළ පුවත් වාර්තා සඳහන් කර ඇති පරිදි කිසිදු ලෙසකින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ෆේස්බුක් පිටුවේ කවි ලිවීම සම්බන්ධව පමණක් විමර්ශනයක් සිදුකර නොමැති බව වගකීමෙන් යුක්තව සඳහන් කරමි.

පාසලේ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ දී එම පාසල තුළම සිටින ගුරුවරුන් කිහිප දෙනෙකු ඒ සඳහා බාධා මතුකරන බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් ඇතැම් ගුරුවරුන් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ පාසල් පරිපාලනය 



සහ විදුහල්පතිවරයා විවේචනය කරන බවට චෝදනා කරමින් අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අදාළ ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබිණි.එම පරීක්ෂණය මේ වන විට අවසන්ව ඇති අතර අදාළ ගුරුවරයා එම චෝදනාවලින් නිදහස් කර ඇත.

මෙම ගුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට සිදුවුයේ  විනය කඩකිරීමේ චෝදනාවකට නාරම්මල මයුරපාද විදුහලේ ගුරුවරුන් හත් දෙනෙකු ස්ථාන මාරු කිරීමට සිදුවීමෙන් ඇතිවූ පුරප්පාඩුව පිරවීමට වන අතර, මෙම ස්ථාන මාරුව අදාළ ගුරුවරයා සම්බන්ධව සිදුකෙරෙමින් පැවති විනය පරීක්ෂණය හා කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් නොමැත. එම ගුරුවරයාට ලබා දී ඇති ස්ථාන මාරුව එක් ජාතික පාසලකින් තවත් ජාතික පාසලක් වෙත සිදුකළ එකක් නිසා කිසි ලෙසකින් එම ගුරුවරයාට අසාධාරණයක් නොවන ආකාරයට ය. තවද නාරම්මල මයුරපාද විදුහලේ අනපේක්ෂිතව ඇතිවූ ගුරු පුරප්පාඩුව පිරවීමේ දී ජාතික පාසල්වලින් ගුරු මාරුවීම් සදහා ඉල්ලුම්කර ඇති ගුරුවරුන් සදහා ප්‍රමුඛතාව ලබාදී ඇති අතර, ඊට අමතර වශයෙන් ආසන්නයේ ඇති පාසල්වල අතිරික්ත ගුරුවරුන් ඒ සදහා අනුයුක්ත කිරීමක් සිදු කරන ලදී. මෙම ගුරුමාරු කිරීම් සිදුකර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශය වෙත පැවරී ඇති පරිපාලනමය බලතල ප්‍රකාරව වන අතර එම මාරු කිරීමේ තීරණ හුදෙක් පාසල්වල පවතින ගුරු ඌනතා හා අතිරික්තතා සමනය කිරීම සදහා ගනුලබන තීරණ අනුව වේ.

තවද ඇතැම් වෙබ් අඩවිවල පළ වී තිබු අදාළ ගුරුවරයාට නිකුත්කළ 06-06-2017 දිනැති ස්ථාන මාරුවීම දැනුම් දෙන ලිපියේ අවසාන උපදේශය ප්‍රකාරව ලිපිය ලැබී සති දෙකක් තුළ අදාළ ස්ථාන මාරුවීම පිළිබඳ යම්කිසි විරෝධතාවයක් ඇතොත් දන්වන ලෙස දන්වා ඇති නමුත්මෙම මාධ්‍ය ප්‍රකාශය සකස් කරන මොහොත වන තුරුත් අදාළ ගුරුවරයාගෙන් කිසිදු විරෝධතාවක් හෝ අභියාචනාවක් ඉදිරිපත්ව නැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි. තවද එම ලිපියේ ම සඳහන් උපදෙස් පරිදි ඔහුගේ නව සේවා ස්ථානය වෙත වාර්තා කර, රාජකාරි භාරගත් බව නාරම්මල මයුරපාද විද්‍යාලයේ විදුහල්පතිතුමා අධ්‍යාපන අමාත්‍යංශයට වාර්තාකර ඇත.

සාවද්‍ය තොරතුරු ඇසුරෙන් සකස් කරන්නාවූ මෙවැනි සංවේදී මාධ්‍ය වාර්තා නිසා විෂය භාර අමාත්‍යවරයා පමණක් නොව අධ්‍යාපන බලධාරීන්ද අපහසුතාවට අතර එමගින් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය ම විශාල අපකීර්තියකට ලක්වන බව ඔබගේ අවධානයට යොමු කරවනු කැමැත්තෙමි. පරිපාලනමය ක්‍රමවේදයන් අනුව අදාළ ගුරුවරයා විසින් මෙම ස්ථාන මාරුව සම්බන්ධ අභියාචනාවක් හෝ සිදුකර නොමැත. එවැනි අවස්ථාවක පරිපාලනය සහ නීතිය පිළිබඳ දැනදැනත් ලංකා ගුරු සංගමය වැනි වෘත්තීය සමිති මේ සිදුකරන්නේ සාවද්‍ය  කරුණු මත මාධ්‍ය නිවේදන නිකුත් කරමින් හුදු මාධ්‍ය ප්‍රචාරණයත්ජනප්‍රියත්වයත් තහවුරු කර ගැනීමට  උත්සාහ කිරීම මිස මෙරට  අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකිරීමක් නොවන බව පැහැදිලි  වේ.