කොස්ගම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ගින්නක් හේතුවෙන් කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය කොස්ගම හන්දියෙන් තාවකාලිකව වසා දමා තිබේ.
පොලීසිය සඳහන් කළේ, ගින්න නිවීම සඳහා එම ස්ථානයට අවිස්සාවේල්ල ආයෝජන කලාපයේ ගිනි නිවන රථ 2ක් යොදවා ඇති බව ය.
පොලීසිය සඳහන් කළේ, ගින්න හේතුවෙන් අවට පිරිස් ඉවත් කර ඇති අතර ගින්න පැතිරිම පාලනය සඳහා යුද හමුදාවේ ද සහාය ලබාගත් බව ය.