AD HERE

මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියළු පරීක්ෂණ කටයුතු සාර්ථකව අවසන් - විදුලි ඉංජිනේරු

මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියළු පරීක්ෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව විදුලි ඉංජිනේරුවරු පවසයි.

මෙම ජල විදුලි බලාගාරයෙන් මෙගා වොට් 25 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන අතර ඉදිරි වැසි සමයත් සමඟ ජලාශයේ ජල ධාරිතාව ඉහළ යෑමත් සමඟ එහි විදුලි උත්පාදන කටයුතු සාර්ථකව ආරම්භ කළ හැකි බව විදුලි ඉංජිනේරුවරු පවසා ඇත.



 මෙරට කෙටිම කාලයකින් ඉදි කෙරුණු විදුලි බලාගාරය වන මොරගහකන්ද ජල විදුලි බලාගාරය අධි පීඩනය මත ක්‍රියාත්මක වන ටර්බයින හතරකින් විදුලි බලය නිෂ්පාදනය කරනු ලැබීය.

මෙගා වොට් 7.5 ක ටර්බයින ක්‍රියාත්මක වීමෙන් පසු නිකුත් කරන ජලය ඉහළ  ඇලහැර ඇල මාර්ගය ඔස්සේ මහ කනදරාව ජලාශය වෙත ගෙන යන අතර මෙගා වොට් 5ක ටර්බයින යන්ත්‍ර ක්‍රියාත්මක වීමෙන් පසුව පිටවන ජලය අඹන් ගඟට මුදා හැර ඉන් පසු පැරණි ඇල හැර ඇල ඔස්සේ ගිරිතලේ මින්නේරිය, කවුඩුල්ල සහ කන්තලේ ජලාශවලට නිදහස් කෙරේ.