මහනුවර, අස්ගිරිය ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊ්යේ (16)පස්වරුවේ පැවැත්විණි.
විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සහතිකපත් සහ තිළිණ ප්රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.