AD HERE

බටහිර ලන්ඩනයේ, ලැටිමර් ප්‍රදේශයේ ගින්නෙන් ඒහි සිටිනලාංකිකයන්ට කිසිදු හානියක් වී නොමැත



බටහිර ලන්ඩනයේ, ලැටිමර් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයන් 6ය දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති බවත් මියගිය පිරිස තවත් වැඩිවිය හැකි බවත් එරට පොලීසිය පවසයි.
     තවද සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර තුවාල ලැබූ පුද්ගලයින් 60 දෙනෙකු පමණ මේ වන විට ලන්ඩන් නුවර රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව සඳහන් වෙයි.
ගින්න හේතුවෙන් ගොඩනැඟිල්ල තුළ සිර වී සිටි පුද්ගලයින් විශාල පිරිසක් බේරා ගැනීමට ගිනි නිවන භටයින් සමත්ව තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ගිනි ගත් ගොඩ නැගිල්ල කඩා වැටීමට ලක්විය හැකි බවත්. ඒ හෙයින් ගොඩනැගිල්ල අවට පදිංචි විශාල පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර ලාංකිකයන්ට මෙම ගින්නෙක් කිසිදු හානියක් වී නොමැති බව තානාපති අරංචි මාර්ග සදහන් කරයි.