AD HERE

“විනය පරීක්‍ෂණ කමිටුව පරීක්‍ෂණ ආරම්භ කළ යුත්තේ මුලසිට” – ප්‍රසන්න රණතුංග

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එරෙහි වූ රජයේ මැති ඇමැතිවරුන් පිළිබඳව මුලින්ම විනය පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන ලෙස ඉල්ලන බව ගම්පහ දිස්‌ත්‍රික්‌ ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනකු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ද්‍රෝහී වූවන් සේ සලකා විනය කමිටුවට කැඳවන බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ලේකම්වරයා කර තිබූ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ප්‍රසන්න රණතුංග මහතා එසේ ප්‍රකාශ කළේය.
විනය පරීක්‍ෂණ කමිටුව පරීක්‍ෂණ ආරම්භ කළ යුත්තේ මුලසිට බවද කී ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ෙද්‍රහී වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ පිරිස නොව රජය තුළම සිටින මැති ඇමැතිවරුන් බවද පැවසීය.
නියම ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් කවුරුන් දැයි කියා රටේ ජනතාව අද හොදකාරවම දන්නා බවද ඔහු කීය.