AD HERE

විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීම විරොධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩ වරති


‍‍‍සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ විරෝධතාවක් සංවිධානය කර තිබුණු අතර ඔවුහු සෞඛ්‍ය අමාත්‍යංශය තුළට කඩා වැදුණහ. සිසුන් පළවා හැරීමට පොලිස් කරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබිණි. සිසුන් විසිරුවීමේදී තුවාල ලැබූ 90 දෙනෙක් ඊයේ රාත්‍රී වන විට රෝහල් ගත කර තිබුණු බව කොළඹ ජාතික රෝහල කියයි.
සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරොධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8.00සිට වැඩ වර්ජනයක නිරත වන බව එම සංගමය කියයි.
වැඩ වර්ජනය පැවැතිය ද ඩෙංගු වාට්ටුවල මෙන්ම ළමා රෝහලේ සහ ගැබිණි වාට්ටුවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ද වෛද්‍යවරු පවසති.