AD HERE

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කරවා - සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කරන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී  පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සයිටම් රෝහල හා විශ්ව විද්‍යාලයට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීම සම්බන්ධයෙන්  ඉදිරිපත් කළ විවාදයක දී  මේ බව කීවේය.