AD HERE

කරාපිටි ශික්ෂණ රෝහලේ විස්මිත සැත්කමක්




12 වැනි දින මොහු එම ප්‍රදේශයේ වත්තක ගසක පොල් කඩා බහින විට අඩි 35ක් පමණ උසකින් ඇද වැටී අැත්තේ ඒ අසල වැටකට සිටුවා තාබූ ගිනිසීරියා ගසක් මතටය.
     එම ඇද වැටීමේදී මොහුගේ වම් පාදයේ කලවා ප්‍රදේශය පසාරු කර ගෙන ගොස් එම ගිනිසීරියා උල ඇනී තිබේ. ඊට පසු තුවාලකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුලුකර තිබුනේඋලත් සමගය. ඒදිනම සවස කරාපිටිය ශීක්ෂණ රෝහලට තුවාලකරු මාරුකර යවා ඇති අතර කරාපිටිය ශීක්ෂණ රෝහලේදී පැය දෙකහමාරක් තිස්සේ කරන ලද විස්මිත සැත්කමකින් පසුව කකුලේ ඇනී තිබූ උල ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍ය රංජුක උබේසිරි ඇතුලු වෛද්‍ය මණ්ඩලයට හැකිවී ඇත. 

         ඒකී විස්මිත සැත්කම නිසා මරණින් බේරී නැවත ජීවත්වීමේ වාසනාව හිමිකර ගෙන ඇත්තේ අගුණකොලපෑලැස්ස උස්වැව ප්‍රදේශයේ පනස් පස් හැවිරිදි සිව්දරු පියෙකි.