AD HERE

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට.

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට...
ළඟම_පාසල_හොඳම_පාසල ජාතික වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත පූර්ණ වශයෙන් අලුත්වැඩියා කර නවීකරණය කරන ලද ‍බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැඟිල්ල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) සිසු අයිතියට පත් කෙරුණා.
 එමෙන්ම විද්‍යාලයීය නව ආපන ශාලාවට මුල් ගල තැබීම ද අද අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මේ අවස්ථාවට විදුලි සංදේශ, ඩිජිටල් සහ යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසානායක මහතා ඇතුළු විශේෂ අමුත්තන් රැසක් එක්ව සිටියා