AD HERE

ජනමාධ්‍ය ආයතනවල මුල් පුටු සෙලවෙයි

ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි මහතා පත්කර තිබේ. ඔහු මාධ්‍යවේදියෙකු මෙන්ම සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ සාහිත්‍යවේදියෙකු ලෙස ද කටයුතු කරයි.
ස්වර්ණවාහිනී ආයතනයේ සහාය නිෂ්පාදකයෙකු, රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු මෙන්ම ගුවන් විදුලි ආයතන කිහිපයක නිවේදකයෙකු ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා ලංකා, ජනරළ පුවත්පත්වල දේශපාලන කර්තෘවරයා ලෙසද කටයුතු කළේය. ඔහු සත්හඬ සතිඅන්ත පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා ලෙස ද කටයුතු කරයි.
මෙතෙක් ස්වාධීන රූපවාහිනී ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර තිබේ.
මේ අතර ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස ක්‍රිෂාන්ත කුරේ මහතා පත්කිරීමට නියමිතය. ඔහු මේ වනවිට හිල්ටන් හෝටලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
ලේක්හවුස් ආයතනයේ වත්මන් සභාපති කාවන් රත්නායක මහතා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට නියමිතය.