AD HERE

විශ්වාස භංගයට එරෙහිවඋතුරේ හර්තාල්


උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා එම තනතුරින් ඉවත් කරන ලෙස ඉදිරිපත් කළ විශ්වාස භංගය ඉල්ලා අස්කර ගන්නැයි බල කෙරෙන හර්තාල් ව්‍යාපාරයක් අද (16) උතුරේ පැවැත් වීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.
උතුරේ දේශපාලන සංවිධාන ,  සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන කිහිපයක් මෙන්ම යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් ද  එම හර්තාලයට සහාය දැක්වීමට නියමිත බව එම ආරංචි මාර්ග පවසයි.
මහ ඇමැතිවරයාට එරෙහි විශ්වාස භංගය ඉවත් කර ගන්නා ලෙස බල කරමින් අද දිනයේත් දහසක් පමණ ප්‍රධාන අමාත්‍ය කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටියහ.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්  විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධාන යාපනය කාර්යාලයයේ දී අද (15) සවස පැවැති අතර ඒ අවට ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසක් යොදවා තිබිණි.