AD HERE

කහ ඉර මතදී පාසල් සිසුවියක ටිපර් රථයකට යටවී ජීවිතක්ෂයට





නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වු ටිපර් රථයකට කහ ඉර මතදී පාසල් සිසුවියක යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ. නානුඔය නගරයේදි මෙම සිදුවීම සිදුව ඇති අතර එම ස්ථානයේදීම දැරිය මියගොස් තිබේ. පෙරවරු 7.00 ට පමණ

මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් පසුව ප්‍රදේශවාසීන් එක්ව ටිපර් රථයට ගිනි තබා තිබේ. ඒ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනට බාධා එල්ල වී තිබේ. අනතුර සිදුකළ ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.