AD HERE

කොරියානු රජය අතර හතළිස් වසරක තානාපති සබඳතා සමරමින් ශ්‍රී ලංකාවට කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙන් ජල බවුසර් 08 ක්


නියගයෙන් පීඩාවට පත් ජනතාවට ලබාදීම සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය පරිත්‍යාග කරන ඇතුථ සහනාධාර ශ්‍රී ලංකා රජයට භාරදීම අද(28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.
දෙරට අතර හතළිස් වසරක තානාපති සබඳතා සමරමින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ නායක හොන්ග් මූන් ජොන්ග් (Hong Moon - jong) සහ යූ කී ජූන් (Yoo Ki-june) යන මහත්වරුන් විසින් මෙම ජල බවුසර්වල යතුරු සංඛේතාත්මකව ජනාධිපතිතුමා වෙත භාර කෙරිණි.

කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ හිටපු අධ්‍යක‍ෂවරයා සහ වර්තමාන අධ්‍යක්ෂවරයා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.