AD HERE

සමස්ත ලංකා පාසල් නර්තන තරගය 2017 ගම්පහ දී-අධ්‍යාපන අමාත්‍යංශය

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් නර්තන තරගය 2017 ජූලි මස 29 සහ 30 යන දිනයන්හි ගම්පහ අධ්‍යාපන කලාපයේ පිහිටි පාසල් 13 ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.
ශිෂ්‍ය සංඛ්‍යාව දහසකට අඩු පාසල් සඳහා ජූලි මස 29 දින තරග පැවැත්වෙන අතර ශිෂ්‍ය සංඛ්‍යාව දහසකට වැඩි පාසල් සඳහා ජූලි මස 30 දින තරග පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙවර සමස්ත ලංකා පාසල් නර්තන තරග ඉසව් සඳහා දිවයින පුරා පාසල් දහසක සිසු සිසුවියන් විසිදහසක පමණ පිරිසක් සහභාගිවීමට නියමිතයි.