AD HERE

ජනපති මුල් පුටු 3ක් හොල්ලයි

යහපාලනයට අලුත් මුහුණවරක් ලැබෙන නව පත් කිරීම් කිහිපයක් ජනාධිපතිවරයා විසින් අද පත් කරන ලදී.  යහපාලනප්‍රේමීන් විසින් ආරක්ෂක ලේකම් ධූරයෙන් පන්නා දැමිය යුතුයැයි කලක් තිස්සේම ජනාධිපතිවරයාට කියා සිටි කරුණාරත්න හෙට්ටිආරච්චි එම තනතුරින් ඉවත් කර කපිල වෛද්‍යරත්න නමැති නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ආරක්ෂක ලේකම් ධූරයට පත් කර තිබේ. කපිල වෛද්‍යරත්න මහතා කිහිප වතාවක්ම නීතිපති ධූරයේ වැඩ බලා ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රවීනයෙකි. ඒ සමගම දින කිහිපයක් තිස්සේ හිස්ව තිබූ හමුදාපති ධූරයට  මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පත් කර තිබේ.පී.බී. අබේකෝන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ලේකම් ධූරයට පත් කරන ලද ඔස්ටින් ප්‍රනාන්දු මහතාද අද සිය ධූරයේ වැඩ ආරම්භ කරන ලදීඔස්ටින් ප්‍රනාන්දුගෙන් පුරප්පාඩු වූ නැගෙනහිර ආණ්ඩුකාර ධූරයට හිටපු විදේශ ඇමැතිවරයෙකු  වූ රෝහිත බෝගොල්ලාගම මහතා පත් කර තිබේ.