AD HERE

අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට නම් මගේ කැමැත්ත සහ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලබාගත යුතුමයි- ජනපති

අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට නම් තම කැමැත්ත සහ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බව සියලු දෙනා සිහි තබාගතයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. ඒ, පුවත්පතක පළවූ ප‍්‍රවෘත්තියක්ද පාදක කර ගනිමින්.

දූෂණ සහ අක‍්‍රමිකතාවලට සම්බන්ධ වූ පුද්ගලයන්ට පැවැත්මක් නොමැති බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.