AD HERE

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහලට පිහිනුම් තටාකයට හා තාක්ෂණ විද්‍යා පීඨයටක්

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහලේ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, පිහිනුම් තටාකයට හා තාක්ෂණ විද්‍යා පීඨයට මුල් ගල තැබීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්
මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහලේ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, පිහිනුම් තටාකයට හා තාක්ෂණ විද්‍යා පීඨයට මුල් ගල තැබීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සිදු කෙරුණා.
සෑම පාසලක්ම පහසුකම් සපිරි පාසලක් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ළගම පාසල හොඳම පාසල වැඩසටහන දිවයින පුරා පාසල් 7,000 ක ක්‍රියාත්මක වන අතර එම පාසල්වල වැඩ විෂයයන් 18,500 ක් යටතේ පහසුකම් ඉහළ නැංවීමේ ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මකයි.
මෙම අවස්ථාවට ජනතා නියෝජිතයින් ඇතුලු පිරිසක් සහභාගි වුණා.