AD HERE

උමා ඔය ව්‍යාපෘතියේ ඉතිහාසය පිළිබඳව මම දන්නවා. ජනපති

"වාරිමාර්ග ක්ෂේත්‍රයේ කලාපීය වශයෙන්, අන්තර්ජාතික වශයෙන් වැදගත්කමක් උසුලන්නා වූ විශේෂ ව්‍යාපෘතියක් තමයි මේ ආදරණීය ගොවි ජනතාවත් සමග අපි විවෘත කරනු ලැබුවේ. වාරිමාර්ග කළමනාකරණය පිළිබඳව ජාත්‍යන්තර පුහුණු ආයතනය, සඳහා රුපියල් කෝටි 17 ක ට ආසන්න මුදලක් වැය කරලා තිබෙනවා. මීට අවුරුදු 23 කට ඉස්සරත් මම මේ ස්ථානයට ඇවිත් තිබෙනවා. ඒවගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැවක්, ඇළක්, අමුණක් වෙතොත් මම නොගිය තැනක් නැහැ අපේ හාමුදුරුවනේ. ඒ මීට අවුරුදු 22 කට 23 කට කලින්. එවකට මම වාරිමාර්ග නියෝජ්‍ය ඇමතිවරයා. මෙතන ඉන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බොහෝම ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත්මයෙක් වන ජිනදාස මහත්මයාට මතක ඇති වයඹ වාරි පුනරුත්ථාපන ලෝක බැංකු විශේෂ ව්‍යාපෘතියක් තිබුණා. ඒ වයඹ ව්‍යාපෘතිය කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වුණේ. ඒ ව්‍යාපෘතියේ ප්‍රගතිය ඇති කිරීම සඳහා වයඹ පළාතේ කුරුණෑගල, පුත්තලම ප්‍රදේශවල මම වැවක් ඇළක්, අමුණක් ගානේ ඒ කාලේ ගිය කෙනෙක්. මේ ස්ථානයට ආවෙත් මම ඒ කාලේ. ඒ නිසා කුරුණෑගල නැත්නම් වයඹ පළාත වගේම ගල්ගමුව මේ ස්ථානය මට අලූත් ආධුනික ස්ථානයක් නොවෙයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉතිහාසය ගත් විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ රටේ පිහිට වූයේ බ්‍රිතාන්‍ය පාලන යුගයේ 1900 පමණ. දැන් අවුරුදු 117 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ගෙවී ගොස් තිබෙනවා. මේ රටේ ගෙවී ගිය වසර 100 කට වැඩි කාලයක් තුළ කෘෂි ආර්ථිකය, ගොවි ආර්ථිකය, ජාතික ආර්ථිකය ගොඩනැගීම සඳහා ඒ මූලික අඩිතාලම වැටුණේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කියන එක විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕනෑ. එහි ගෞරවය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එදා මෙදා සේවය කළ සියලූ ඉංජිනේරුවරුන් ඇතුලු අවසාන කම්කරුවා දක්වා හිමි වෙනවා.
ඔබ කවුරුත් දන්නවා මම හැදුණේ වැඩුණේ මගේ ජීවිතය ගොඩනැගුනේ ඇළ, අමුණ, වැව, නියර සහ කමතත් එක්කයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් මගේ ජීවිතයට ඉතාම සමීප දෙපාර්තමේන්තුවක්. ඒ ගැන මගේ තිබුණු ඇල්ම ආශාව සහ ආදරය එක්ක පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ මේ ක්ෂේත්‍රයේ සෑම කෙනෙක් එක්කම ඉතාම සමීප දීර්ඝ සම්බන්ධයක් මට තිබුණා. ඒ නිසා ඒ ගෙවී ගිය වසර 117 ක කාලය වගේම ඉදිරි කාලසීමාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට වගේම මේ රටේ වාරි කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන්ට විශේෂඥයින්ට, විද්‍යාඥයින්ට අභියෝග රාශියක් තියෙනවා. මීට වසර 100 කට එහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආරම්භ කරපු කාලේ මේ රටේ තිබුණු කාලගුණික සහ දේශගුණික තත්ත්වය කුමක්ද..? එදා තිබුණු සමාජ, ආර්ථික තත්ත්වය කුමක්ද? ඒ සියල්ල අද විශාල වශයෙන් වෙනස් වෙලා තිබෙනවා. ගෝලීය උෂ්ණත්වයත් සමග වායුගෝලයේ ඇති වෙන වෙනස්කම් එක්ක අද මුලු ලෝකයම මේ ප්‍රශ්නවලට මුහුණ දීලා තිබෙනවා. මේ ඉන්න ගල්ගමුව ප්‍රදේශයේ ආදරණීය ගොවි ජනතාව අද දවසේ සැපවත් ජීවිතයක් ගත කරන අය නොවෙයි. ඔබේ ජීවිතවල තිබෙන දුක්මුසුභාවය, ඔබේ ජීවිතවල තිබෙන කටුකභාවය, කන්න 03 කට වැඩි කාලයක් ජලය නොමැතිකම, අද දවස ගත්තොත් බීමට ජලය නොමැතිකම මේ නිසා ඇති වෙලා තිබෙන බරපතළ ආර්ථික අමාරුකම්, ඒ තුළ විශේෂයෙන්ම දරු පවුල් සමග ජීවන සටන ගෙන යන්නට ඔබ ගන්නා උත්සාහය, ඔබේ ධෛර්යය සහ කැපවීම පිළිබඳව අත්දැකීම තිබෙන කෙනෙක් විදියටයි අද ඔබත් සමග මම එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ තිබෙන ප්‍රශ්නවලට අප විසින් විසඳුම් සෙවිය යුතු වෙනවා. ඒ විසඳුම් සෙවීමේදී ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබා ගැනීමේ ප්‍රශ්නයේදි වයඹ පළාතේ තත්ත්වය මම දන්නවා. ගෙවී ගිය දශක පහක හයක කාලය තුළ සෑම මැතිවරණ වේදිකාවකම සෑම දේශපාලන පක්ෂයක්ම වයඹට ජලය ලබාදීම පිළිබඳව කතා කළා.
අපි මේ සියලූ සමාජ ප්‍රශ්න පිළිබදව අවබෝධයකින් කටයුතු කරනවා. එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා 1956 දී බලයට පත්වී අවුරුදු තුනහමාරක් යනවිට වෙඩි තබා මරලා දැම්මා. එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමාගේ ඇමති මණ්ඩලයත් අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලය වර්ජනය කෙරුවා. බණ්ඩාරනායක මැතිතුමාගේ කාලයේ වැඩවර්න හාරසිය ගානක් තිබුණා. බණ්ඩාරනායක අගමැතිතුමා තරම් රාජ්‍ය නායකයෙක් විදියට ප්‍රශ්න වලට මුහුණ දුන් කෙනෙක් මේ රටේ මෑත ඉතිහාසයේ 48 න් පසුව නැහැ. එතුමාට නොයෙක් ආකාරයේ කරදර, හිංසා කළා. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා අවසානයේ වෙඩිල්ලක් තබා ඉවර කළා. නමුත් බණ්ඩාරනායක නාමයට අදටත් සලකන්නේ ඒ අවුරුදු තුනහමාර තුළ රටේ ජනතාවට දැනෙන නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා වගේම මේ රටේ දේශීයත්වය, සංස්කෘතිය, අපේකම් සියල්ල ශක්තිමත් කිරීමේ අඩිතාලමක් එතුමා නිර්මාණය කර නිසයි.
අපි කුමන්ත්‍රණ වලට බය නැහැ. ආඥාදායකයෝ වෙන්න ඒකාධිපතයෝ වෙන්න නැවත බලය දෙන්නේ නැහැ කියා ඔවුන් අද කරන කතාවල් වලට අපි හොදින් සවන් දීගෙන සිටිනවා. නුවර සිට කොළඹට පා ගමනක් ගිහිල්ලා ලිප්ටන් වටරවුමේ සිට කතාවක් කළා, අපි නුවර ඉදන් කොළඹට පා ගමනක් ආවා ඉදිරියේදී අපි ආණ්ඩුවක් ගන්නවා. අරගෙන ආපසු දෙන්නේ නැහැ කිව්වා. ඒ කතා වලින් පැහැදිලි වෙනවා යන්න හදන්නේ කොහේද කියා. මේ රටේ ජනතාව මෝඩ මිනිස්සු නෙවේ. මේ රටේ උගත්, බුද්ධිමත් පොදු ජනතාවක් සිටින්නේ. ඔවුන් සෑම දෙයක් දෙසම ඉතා විමසිලි ලෙස බලා සිටිනවා. සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවගේ ප්‍රරශ්න රටක් විදියට සාමකාමීව ජීවත් වන එක. රටේ ජාතික සංහි`දියාව අවුල් කරනවා. කුමන්ත්‍රණ කරනවා. මුස්ලිම් ජනතාවට හිරිහැර කරනවා. බෞද්ධාගමික පන්සල් වෙහෙර විහාරස්ථාන වලට හිරිහැර කරනවා. මේ විදියට කුමන්ත්‍රණය කරන්නේ එකම පැත්තකින්. එක් පැත්තකින් මුස්ලිම් ජනතාව නොසන්සුන් කරනවා. තවත් පැත්තකින් ස්වාමීන් වහන්සේලාව නොසන්සුන් කරනවා. අභියෝග කොතෙක් ආවත් විවේචන, නින්දා, අපහාස ඒ සියල්ල අපිට හොදට පුරුදු නිසා ඒ සියල්ල ජයගෙන ජාතියක් විදියට ඉදිරියට යාමට රජයේ වගකීම සහ යුතුකම ඉටුකරනවා. ඔබ සියලූ දෙනාගේ කැපවීම අපි අගය කරනවා. රටක් විදියට දේශපාලන නායකත්වයන් සමග ඉදිරියට යමු


විඩිෙයා්ව පහතින්