AD HERE

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත අගමැති ඉල්ලා අස්වෙයි.



පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ ඔහුට අගමැති ධුරය දැරීමට නුසුදුසු බවට පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයත් සමගයි.

අගමැතිවරයාට සහ පවුලේ සාමාජිකයන්ට එල්ලවී ඇති දුෂණ චෝදනා හේතුවෙන් නවාස් ශරීෆ් අගමැති ධුරය දැරිමට නුදුසු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඔහුගේ ගිණුම් පිළිබඳ තොරතුරු හෙළිවුයේ පසුගියදා ප්‍රකාශයට පත්වු පැනමා ලිපි ලේඛණ මගින්.

කෙසේවෙතත් අගමැතිවරයා මෙම සියලු චෝදනා අඛණ්ඩවම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එහෙත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුනේ නවාස් ශරීෆ් අගමැති ධුරයට නුසුදුසු බවටයි.

ඔහු තවදුරටත් පාර්ලිමේන්තුවට ද නුසුදුසු බවට එක් විනිසුරුවරයෙකු ප්‍රකාශ කළ බවයි විදෙස් පුවත් සේවා කියාසිටියේ.

මෙම තීන්දුවත් සමග පකිස්ථානයේ ලාහෝර් නුවර ආරක්ෂාව දැඩි කර ඇති අතර අමතර පොලිස් සහ හමුදා භට පිරිස් ද යොදවා තිබෙනවා.

තුන්වන වතාවටත් පකිස්ථානයේ අගමැතිවරයා ලෙසට කටයුතු කරමින් සිටි නවාස් ශරීෆ් තවත් වසරක් අගමැතිවරයා ලෙසට රාජකාරයේ නිරතවුයේ නම් නිල ධුර කාලය වන වසර 5 සම්පුරණ කළ පළමුවැන්නා ලෙසට ඉතිහාසයට එක්වනවා.

මීට පෙර නවාස් ශරීෆ් 1990 වසරේ සිට 1993 දක්වා පකිසක්ථාන අගමැතිවරයා ලෙසට කටයුතු කළා.

1197 පෙබරවාරි මාසයේ සිට අගමැතිවරයා ලෙසට සිටි නවාස් ශරීෆ් 1999 වසරේ හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකරනු ලැබුවා.

අගමැතිවරයා ධුරයෙන් ඉවත්වීමත් සමග නව අගමැතිවරයෙකු පත් කිරීම පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති වුව ද පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා වන නවාස් ශරීෆ්ගේ සොහොයුරු ශේබාස් අගමැතිවරයා ලෙසට පත්වනු ඇතැයි මත පළවනවා.