
ඉකුත් 09 වැනිදා
පේදුරුතුඩුව කැටේ හංදිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පොලිස් මුරපොල කඩා දැමීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.එමෙන්ම ඉකුත් 21 වැනිදා පේදුරුතුඩුව නාවික හමුදා අනු කණ්ඩයට අයත් වෙරළාරක්ෂක නිලධාරීන්ට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලබා ඇත්තේ මෙම පිරිසයි.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක චමින්ද වලාකුළුගේගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවයි.
ඒ අනුව ඔවුන් පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග පොලිසිය විසින් ගනු ලබනු ඇතැයි ද ඔහු පැවසුවා.
කෙසේ වෙතත් ඊයේ (30) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූයේ මනල්කාඩු කලපු රක්ෂිතයේ කඩොලාන කැපීම සම්බන්ධයෙන්.
කපන ලද කඩොලාන දැව තොගයක් සහ සැකකරුවන් පැමිණි යතුරු පැදියක් හා කැබ් රථයක් ද එහිදී පොලිස් භාරයට ගැණුනා.
කරවෙඞ්ඩි සහ වරණි ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (31) ඉදිරිපත් කිරීමට නියමිතයි.