AD HERE

ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ සංගමයට වසර පනහක් සපිරීම වෙනුවෙන් ඊයේ (03) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.
ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ සංගමයට වසර පනහක් සපිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරුණු අතර ඒ වෙනුවෙන් සම්පාදනය කළ විශේෂ සමරු ග්‍රන්ථය ද සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉතිහාසය පිළිබද මහාචාර්ය විල්ෆ්‍රඩි පෙරේරා මහතා විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ සංගමයේ සමාජිකයින් මෙන්ම ඊට අනුබද්ධ විදෙස් ආයතනවල නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටිහයහ.