මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට ලබන සතිය තුළ දී වත්මන් රජයේ ප්‍රබලයින් තිදෙනෙකුම කැඳවීමට නියමිතව පවතින බව වාර්තා වේ. ඒ අනුව පළමුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ද දෙවනුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සහ මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ද තෙවනුව සිකුරාදා (11) දිනයේදී එජාප නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට නියමිතව තිබේ.
එසේම පසුගිය සතියේ බැඳුම්කර කොමිසම හමුවට ඉදිරිපත් වූ විදේශ අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර තීරණාත්මක සාකච්චාවක් ද ඉතා ඉක්මනින් පැවත්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.
2015 පෙබරවාරි 01 සිට 2015 මාර්තු 31 දක්වා කාල සීමාව තුළ සිදු කෙරුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳව විමර්ශනය කොට වාර්තාවක් සැපයීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පිහිටුවනු ලැබූ අතර හිටපු මහබැංකු අධිපති, මහබැංකු නිලධාරීන්, දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් සාක්ශි විමසීම සඳහා මේ වන විට කොමිසම හමුවට කැඳවා ඇත.