AD HERE

කිලෝ ග්‍රෑම් 116ක වල්ලපට්ටා තොගය රටින් පන්නද්දි ගුවන්තොටුපලේදී මාට්ටු


රුපියල් එක්කෝටි විසිහත් ලක්ෂයක් පමණ වටිනා වල්ලාපට්ටා තොගයක් මෙරටින් ගෙනයාමට තැත් කළ පුද්ගලයින් සිව් දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් කිලෝ ග්‍රෑම් 116ක් බරැති වල්ලපට්ටා තොගය ඔවුන්ගේ ගමන් මළුවල සඟවාගෙන සිට ඇති බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේය.

ඔවුන් අදාළ වල්ලාපට්ටා තොගය   මුම්බායි ඔස්සේ ඩුබායි බලා රැගෙනයාමට උත්සාහ කර ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ට එක් අයෙකුට ලක්ෂ 07 බැඟින් වූ දඩ නියම කර ඇති අතර වල්ලාපට්ටා තොගය රාජසන්තක කර තිබේ.