AD HERE

වෛද්‍යවරුන් මවිත කරමින් අලුත උපන් බිළිඳෙකු ගැබ්බරව සිටිය හැටි - ලෝකයටම 200යි..! -


19 හැවිරිදි ගර්භනී මවක් බිහි කළ දරුවාද ගැබ්බර වී සිටි දුර්ළභ පුවතක් වාර්තාවනවා.ඉන්දියාවේ මුම්බ්රා ප්‍රදේශයේ මවක් මෙම දරුවා බිහිකර තිබෙනවා.


මෙම ගැබිණි කාත්තාවගේ උදරයේ කිසියම් අසාමාණ්‍ය තත්වයක් ඇති බව වෛද්‍යවරුන්ගේ පරීක්ෂණ වලට හසුව තිබුණා.එය දරුවාගේ කුසතුළ වැඩෙමින් ඇති කළලයක් බවත්,එය ඔහුගේ නිවුන් සහෝදරයාගේ විය හැකි බවත් වෛද්‍යවරුන් පවසා තිබුණා.



කෙසේ වෙතත් සාර්ථක සැත්කමකින් පසු අදාළ කොටස ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට හැකි වුණා.දරුවා ඉපිද දින 9කට පසු මෙම ශල්‍යකර්මය සිදුකර තිබුණා..

ලෝකයේම මෙවැනි උපත් වාර්තා වී තිබෙන්නේ 200 අසන්න ප්‍රමාණයක් බවත් සඳහන් වනවා.

සැත්කමට භාජනය වූ දරුවා මේ වන විට මනා සෞඛ්‍ය තත්වයකින් පසුවන බව වෛද්‍යවරුන් පවසනවා.