AD HERE

2020 දී මැතිවරණයේදී සීනුව අතහරින්න සූදානම් මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න

2020 දී  රටේ රාජ්‍ය බලය ලබා ගැනීම සදහා  මේ රට තුළ දැවැන්තම බල වේගයක් ගොඩනගා ඒ සඳහා සීනුව ලකුණ වෙනස්කොට පොදු ලකුණක් භාවිත කරන බවත් ඔහු කීය.
‘‘දැන් රට දැඩි ප්‍රපාතයකයි තිබෙන්නේ. මේ රට මේ පාලකයන්ට ගොඩ ගැනීමට නොහැකි බව  නැවත නැවත පෙන්නුම් කරමින් යනවා. වසර හැත්තෑවක් පුරා මේ පාලකයො මේ රට විනාශය කරා ගෙන ගියා . මේ රට මේ විධියට තව දුරටත් යා යුතු නෑ. මේ රට ගොඩ නැගිය යුතුව තිබෙනවා. ඒ  සදහා අපි මේ වන විට රට ට ආදරේ කරණ විවිධ බුද්ධමතුන් සමග සංවාදයක නියෙලෙමින් යනවා. අපි ලබන වසර තුළ මේ රටට ආදරය කරන  මිනිසුන්ගෙන් සැදුම් ලත් දැවැන්ත බලවේගය ගොඩ නගනවා. ඒ ගොඩ නැගීම තුළින් මේ පාලකයන් වසර 70 පුරා විනාශ කරන ලද රට ගොඩ නගා මේ රටේ තැලෙන පොඩි වෙන ජනතාවට  නිදහස්  රටක් ගොඩ නගන්නට කටයුතු කරනවා‘‘ යැයිද සමන්ත විද්‍යා රත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අදහස් ප්‍රකාශ කලේ ජනතා විමුක්ති පෙරමුණේ ඌව පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යා රත්න මහතා ඊයේ(17)  හුංගම බටඅත පැවැති ජනහමුවකට සහභාගී වෙමින්ය.