AD HERE

ගං වතුරින් විපතට පත් ජනතාවට එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමෙන් රුපියල් ලක්ෂ 31ක මුදලක්

පසුගිය ගං වතුරින් හා නායේ යෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආණ්ඩු පක්ෂයේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම රුපියල් ලකෂ 31ක මුදලක් ආධාර වශයෙන් ලබා දුන්නේය. අද (04) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුව අවසානයේදී එම ආධාර මුදල් අධ්‍යාපන අමාත්‍යංශයට භාර කළේය. හානියට පත් පාසල් අලුත්වැඩියාව ඇතුළු දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් එම මුදල වැය  කිරීමට තීරණය කළ  බවයි මාධ්‍ය හමුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.


ජීවිත ගණනාවක් අහිමි වූයේ ගං වතුරෙන් නොව නායේ යෑමෙන් නිසා එය රටක් වශයෙන් මුහුණ දීමට ඇති නව අභියෝගයක් බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් එම ආපදාවේදී ආණ්ඩුව සාර්ථකව ඊට මුහුණ දුන් බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය. හානියට පත් ප්‍රදේශ හා ජනතාව නැවත නගාසිටුවීමට රුපියල් බිලියන 40ක් වෙන් කර ඇති බව කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ආණ්ඩුව සෑම මොහොතකම ජනතාව වෙනුවෙන් මැදිහත්  වන බවයි.