AD HERE

අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථන සංවාද සහ කෙටි පණිවුඩ අතර ආණ්ඩුවේ සහ විපක්ෂයේ තවත් ඉහළ පෙළේ දේශපාලනඥයන් 40 ක්

බැඳුම්කර සිද්ධිය ගැන විමසුමට ලක් කෙරෙන අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථන සංවාද සහ කෙටි පණිවුඩ අතර රවි කරුණානායක පමණක් නොව රවි කරුණානායක එළවීමට අත් දෙකම උස්සනවා යැයි කියන දයාසිරි ජයසේකරද සිටින බවත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ තවත් ඉහළ පෙළේ දේශපාලනඥයන් 40 ක් පමණ සිටින බවත් වාර්තා වේ. 
ඒ අය අතර නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම ජයන්ත්, දයාසිරි ජයසේකර යන ශ්‍රීලනිප ඇමැතිවරුද, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, සුජීව සේනසිංහ යන එජාප ඇමැතිවරුන්ද, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ අයද වෙති.
ඒ අනුව ඇලෝසියස්ගේ දුරකථන සංවාද සහ කෙටි පණිවුඩ සහිත පිටු 8600 ක් දින 2 ක් වැනි සුළු කාලයක් තුල පරීක්ෂණ කළා යැයි කියා රවි කරුණානායකගෙන් පමණක් කොමිසම හමුවේ ප්‍රශ්න කිරීම ගැටළු සහගත ය. 
මේ අතර රවි කරුණානායක ට ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වන්න යැයි ජනාධිපති වරයා ඊයේ රවි කරුණානායකට දැනුම් දුන්නා යැයි ලංකාදීප පුවත් පතේ පළකර ඇති වාර්තාව අමූලික බොරුවක් බව ජනාධිපතිවරයාට සමීප අංශ විසින් අප වෙත තහවුරු කර සිටියේ ය. නියෝජ්‍ය කතානායකගේ පුවත් පත වන ලක්බිම විසින් පළකර ඇති වාර්තාවක සඳහන් වන පරිදි රවිට එරෙහි විශ්වාස භංගයේ දී ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශවය හෙවත් සම්මුති ආණ්ඩුවේ අනෙක් පාර්ශවය රවි කරුණානායකට විරුද්ධව ඡන්දය දීමට යන බවද සම්පූර්ණ අසත්‍යයක් බව ජනාධිපතිවරයාට සමීප අංශ තහවුරු කරයි. අප වෙත අදහස් දැක්වූ අය කියා සිටියේ ‘ඒකාබද්ධයෙන් ගෙන ආ විශ්වාස භංගයකට ඡන්දය දෙන්න අපට පිස්සු නෑ‘ කියා ය. එවැන්නක් ශ්‍රීලනිපය තුල මේ දක්වා සාකච්ඡාවකට හෝ ලක් වී නැතැයි හේ පැවසීය. 
අගමැතිවරයා ද මේ දක්වා රවි කරුණානායකට තම ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වන්නැයි කියා නැති අතර අගමැතිවරයාට සමීප ආරංචි මාර්ග පවසන්නේ ‘අද රවිට තියන අත හෙට රනිල්ට තියන‘ බවයි.