AD HERE

මරණයෙන් වසර 8කට පසු මයිකල් ජැක්සන්ගේ මෙතෙක් නොඇසූ ගීත 12 ක් සහිත ගී තැටියක්

පොප් ගී ලොව රජු ලෙසින් නම් දරා සිටින මයිකල් ජැක්සන්ගේ මෙතෙක් නොඇසූ ගීත 12 ක් සහිත ගී තැටියක් පසුගියදා වෙන්දේසි කර තිඛෙනවා.
ඒ මයිකල් ජැක්සන්ගේ මරණයෙන් වසර 8කට පසුවයි.ඇමෙරිකාවේ නිව්යෝක් නුවර වෙන්දේසි ආයතනයකදී අලෙවියට ඉදිරිපත් කළ මෙම ගී තැටියේ අවම ලන්සුව ඩොලර් 50,000ක් ලෙස නම් කර තිබුණා.
බයිබල් ලෙසින් නම් කර ඇති මේ ගීත එකතුවෙහි ඇතුළත් වන සෑම ගීතයක්ම හොඳ තත්ත්වයක පවතින බවයි මයිකල් ජැක්සන්ගේ පෞද්ගලික සහකාරවරයකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළ තැනැත්තකු මාධ්‍ය වෙත පැවසුවේ.මෙම වෙන්දේසියට මයිකල් භාවිත කළ භාණ්ඩ කිහිපයක් සහ ඔහු විසින් සිතුවම් කරන ලද චිත්‍රයක් ද ඇතුළත් කර තිබුණා.