AD HERE

බස් රථ, කාර්යාල බස් රථ, පාසල් වෑන් රථ සදහා කොළඹ නගරය ඇතුලත ප්‍රමුකතා මංතීරු ක්‍රමය ආරම්භ කිරීමට මෙගාපොලිස් අමාත්‍යංශය තීරනය කර තිබෙනවා.

ලබන 15 එනම් ලබන අඟහරුවාදා සිට බස් රථ, කාර්යාල බස් රථ, පාසල් වෑන් රථ සදහා කොළඹ නගරය ඇතුලත ප්‍රමුකතා මංතීරු ක්‍රමය ආරම්භ කිරීමට මෙගාපොලිස් අමාත්‍යංශය තීරනය කර තිබෙනවා. මීට පෙර මෙම අත්හදා බැලීම පාර්ලිමේන්තු මාර්ගය හා තවත් මාර්ගවල සිදු කරනු ලැබුවා. ඒ අවස්ථා වල එතරම් සුභ ප්‍රතිචාර මගීන්හෙන් ලැබුනේ නැහැ.
පසුගිය පරීක්ෂන අවස්ථාවේදී පාර්ලිමේන්තු මාර්ගයේ අනෙක් මංතීරුවල පැය 3 ක පමන තදබදයක් ඇතිවුනා. දිනෙන් දින වැඩිවන වාහන ප්‍රමානයට මාර්ග ප්‍රමානවත් නොවීම මත තවත් මංතීරුවක් එක් වර්ගයකට පමනක් වෙන් කිරීමෙන් තව තදබදයක් ඇතිවීමටද හැක. පහුගිය කාලය තුල මංසංදි වල වැඩි වශයෙන් කලර් ලයිට් සවි කිරීම, කහ ඉරි වැඩි කිරීම තදබදය තව වැඩි කරනු ලැබුවා. දැනට පවතින හොදම විසදුම් වන්නේ හැකි පමණ යකඩ ගුවන් පාලම් හෝ ඉක්මනින් සෑදීම, මගී හුවමාරු ගුවන් පාලම්, සහා මාර්ග පලල් කිරීමයි. තිබෙන මාර්ගයේම එක් එක් විසදුම් දීම දිනෙන් දින වැඩිවන රථවාහන ප්‍රමානයට දරාගැනීමට හැකිදැයි අපට පෙනෙන ප්‍රායෝගික ප්‍රශ්නයයි.