AD HERE

පරිභෝජනයට නුසුදු පොල් තෙල් තොගයක් වත්තල ප්‍රදේශයේ ගබඩාවක තිබී අත් අංඩගූවට

පාරිභෝගික සේවා අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් සිදු කළ හදිසි සෝදිසියකදී ලක්ෂ තුනක් පමණ වටිනා මිනිස් පරිභෝජනයට නුසුදු පොල් තෙල් තොගයක් සහ සිසිල් බීම වර්ගයක බෝතල් 9000 ක් වත්තල ප්‍රදේශයේ ගබඩාවක තිබී අත් අංඩගූවට ගෙන ඇත.
මෙම පොල් තෙල් සහ සිසිල් බීම තොගය අත් අඩංගූවට ගන්නා ලද අවස්ථාවේදී වෙළද පොලට යැවීම පිනිස නැවත ඇසුරුම් කරමින් තිබු ආකාරය විමර්ශණ නිලධාරීන්ට පෙනී ගොස් ඇති අතර මෙහිදී අදාල සමාගමේ ගබඩා කළමනාකරු අත් අඩංගූවට ගෙන ඇත.
  මෙහි තිබු පොල් තෙල් ලීටර් 3000 සහ සිසිල් බීම කල් ඉකුත් වු තොග බව හෙළිව ඇති අතර විමර්ශන ඒකකයට ලැබුනු තොරතුරක් මත මෙම වැටලීම සිදු කොට තිබේ.