AD HERE

නිල් බළකාය හැදුවේ රජාගේ පුතා මහ රජෙක් කිරීමට-ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය


නිල් බළකාය හැදුවේ රජාගේ පුතා මහ රජෙක් කිරීමට බවත්, කුමන ප්‍රකාශ කළද මාලඹේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය ඉදිරියට යන බවත් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කළාය. අමාත්‍යවරිය මේ අදහස්

දැක්වූයේ රත්නපුර, ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහනට එක් වෙමිනි.
අපි දන්නවා නිල් බළකාය හදපු හැටි. නිල් බළකාය හැදුවේ රජාගේ පුතා තවත් මහරජෙක් කරන්න. ජාතික තරුණ සේවා සභාව නිර්මාණය කළ වර්තමාන අගා‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පුද්ගලික අධීක්ෂණය යටතේ නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් අද හරි දිසාවකට යනවා.
තරුණයන් නායකත්වයට පෙළගස්සනවා. අද පළාත් සභාවේ ඉන්නේ මන්තී‍්‍රවරුන්ගෙන් ඇහුවොත් කොහොමද දේශපාලනයට ආවේ කියලා යෞවන සමාජයෙන් කියලා කියනවා.
අද සයිටම් එක කොහොම කිව්වත් ඉස්සරහට යනවා. හම්බන්තොට වරාය ඉස්සරහට යනවා. පහුගිය කාලේ පෝට්සිටි හදන්න ජනාධිපති මන්දිරය ඉස්සරහ අක්කර 50 ක් චීනෙට වික්කා.රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා ඒවා ආපහු ගත්තා. ෂැංග්‍රිලා හෝටලය හදන්න හෙක්ටයාර 02ක් චීනෙට සින්නක්කර වික්කා.ඒවා අපි ඔක්කොම ගත්තා.
අපි බදු ගිවිසුමක් ගහලා නැව් එන්නැති වරාය ගොඩදාගන්න, ව්‍යාපාර මධ්‍යස්ථානයක් කරගන්න. තරුණයන්ට රැකියාවක් දෙන්න කටයුතු කරනකොට කියනවා චීනෙට රට දුන්නා කියනවා. චීන්නුන්ට රට දෙන්න අපට කිසිම අවශ්‍යතාවක් නැහැ. මේ රට ඉතිහාසයේ නැති විදියට ණය මර උගුලක වැට්ටුවේ පහුගිය ආණ්ඩුව. මේ ආණ්ඩුව ජනපතිතුමයි අගමැතිතුමයි බාරගත්තේ බිලියන 10,000ක ණයක් එක්ක.