AD HERE

ඔබේ හතුරන් නොවෙයි,-ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා


උතුරු කොරියාවේ පාලනය පෙරළා දැමීමට ඇමෙරිකානු රජය කිසිවිටෙකත් උත්සාහ නොකරන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසයි. පසුගිය කාලය පුරා උතුරු කොරියාව විසින් සිදුකරන න්‍යෂ්ටික වැඩසටහන හා

මිසයිල අත්හදා බැලීම තුළ ඇතිවී තිබෙන උණුසුම්කාරී වටපිටාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එසේ පවසා තිබේ.

අපි ඔබේ හතුරන් නොවෙයි. ඇමෙරිකාව යම් තැනකදී සාකච්ඡාවෙන් මේ ප්‍රශ්න විසඳා ගැනීමට සූදානම්" යැයි ටිලර්සන් පවසයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනු ඇති බවට රිපබ්ලිකන් දේශපාලඥයෙකු අදහස් දක්වා ඇති පරිසරයක රාජ්‍ය ලේකම්වරයා මෙම තර්කය මතුකර තිබේ.

කෙසේ වෙතත්, උතුරු කොරියාව විසින් නොබෝදා අත්හදා බැලූ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය ඇමෙරිකාවේ බටහිර කොටස හෝ ඉන් ඔබ්බට පවා ප්‍රහාර එල්ල කළ හැකි අවියක් බව ඔවුන් කියා සිටියේය.

අපිට රජයක් වෙනස් කිරීමට උත්සාහ කරන්නේ නැහැ. රජයක් පෙරළා දැමීමටත් අප උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම කොරියානු අර්ධද්වීපය යළි එකතු කිරීමේ වෑයමක් අපි දරන්නේ නැහැ. අවසන් වශයෙන් අපේ හමුදාවන් කොරියානු දේශසීමාවේ ස්ථානගත කිරීම සඳහා සාධාරණ හේතුවක්ද අපි සොයාන්නේ නැහැ" කොරියානු කලාපයේ යුද උණුසුම පිළිබඳ අදහස් දක්වමින් ටිලර්සන් පවසා සිටියේය.

උතුරු කොරියාව විසින් සිදුකළ දෙවැනි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය පසුගිය සිකුරාදා දිනයේදී අත්හදා බැලුණු අතර, එය සාර්ථක අත්හදා බැලීමක් බව උතුරු කොරියාව මෙන්ම, ඒ පිළිබඳ නිරීක්ෂණයේ යෙදුණු රටවල්ද පවසා තිබුණි.