AD HERE

විශේෂ දක්ෂතා ඇති දරුවන් දිරිගැන්වීම සඳහා හඳුන්වාදී ඇති සුභග ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි


අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව, 2017 අයවැය යෝජනා යටතේ, ක්‍රීඩා, කලා හා නව නිර්මාණ ක්ෂේත්‍රයන්හි සුවිශේෂ හැකියාවන් දක්වන සිසු දරුවන් දිරිගැන්වීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති සුභග ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ඊයේ (ජුලි 31 වැනිදා) සිට ආරම්භ වුණා.

අනාගත අභියෝග ජයගත හැකි විභවතාවන්ගෙන් සමන්විත නිර්මාණශීලී දරු පරපුරක් බිහිකිරීම වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් සුභග සිසුන්ගේ සුවිශේෂ කුසලතා සංවර්ධනය කරගැනීමටත්, රටේ සංවර්ධනයට දායකත්වයක් ලබාගත හැකි අයුරින් එම සුවිශේෂ කුසලතා වැඩිදියුණුකරගැනීමට දිරිගැන්වීමත් අපේක්ෂා කරනු ලබනවා. මෙම ශිෂ්‍යත්වය නව නිපැයුම්, සෞන්දර්ය ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා යන විශේෂ කාණ්ඩ 3ක් යටතේ ලබාදීමට අපේක්ෂිතයි.
2017 වර්ෂයේ සිට ද්විතීයික අධ්‍යාපන අවධියේ සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ සහ අදාළ වර්ෂයේ 12 වැනි ‍ශ්‍රේණියට ඇතුළත්ව උසස් පෙළ අධ්‍යාපනය ආරම්භ කරන සිසුන් අතරින් තෝරාගන්නා සිසුන් 1000කට මාස 20ක කාලසීමාවක් සඳහා රුපියල් 50000/-ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව සමාන වාරික 20කින් පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා අදාළ අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු පහතින් දැක්වෙන ලින්ක් මගින් විමසන්න.

සිංහල
https://goo.gl/neCqBx
தமிழ்
https://goo.gl/b1JCwe
English
https://goo.gl/heeQtv