AD HERE

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස ස්වාමින්වහන්සේ බැහැදැකීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධූරයෙන් පිදුම් ලබන අග්ගමහා පණ්ඩිත අතිපුඡ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින්වහන්සේ බැහැ දැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගැනීම සඳහා උන්වහන්සේ වැඩවාසය කරන ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණියා.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, මහාචාර්ය ජී එල් පිරිස් හා දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග යන මහත්වරැන් සහභාගි විය.