AD HERE

රජය පෙරළා දැමීමට නම් තමන් ඇතුළු ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන්ගේ සහාය අත්‍යවශ්‍යයි-අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා

ඒකාබද්ධ විපක්ෂය කුමන කතා කීවද රජය පෙරළීමට ඔවුන්ට කිසිදු හැකියාවක් නොමැති බවයි. රජය පෙරළා දැමීමට නම් තමන් ඇතුළු ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන්ගේ සහාය අත්‍යවශ්‍ය බව ද ඔහු පවසයි.
ජනතාවට පොරොන්දු වූ වැඩපිළිවෙල සම්පූර්ණ කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් 2020 දී නොව 2025 දක්වාත් මෙම ආණ්ඩුව පවතින බවත් ඇමතිවරයා පවසයි. අවශ්‍ය නම් 2025 දී ඔවුන්ට වෙනත් රජයක් පිහිටුවීමට හැකිවන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
'යහපාලන රජයට විවිධ විවේචන එල්ල වනවා. අපේ රජයේත් ඉන්නේ පසු බුදුවරු, කරන වැඩ කියන්න දන්නේ නැහැ. මම බදාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල ප්‍රවෘත්ති සාකචිඡාවේ දී රජය ආරක්ෂා කරමින් මාධ්‍යයට සියලු දේ ප්‍රකාශ කරනවා. අපි ඉන්නකම් යහපාලන රජය පෙරලා දැමීමට කාටවත් අවස්ථාවක් ලැඛෙන්නේ නැහැ. කටින් වාචාලකම් දොඩවන අය තමයි ඉන්නේ.'
එම අදහස්  අමාත්‍යවරයා ප්‍රකාශ කළේ
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුරාධ පුර නව ශාඛාව විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) දහවල් අනුරාධපුරයේ දී සිදුවූ අවස්ථාවේදීය