AD HERE

විශ්වාස භංගය හරහා එන්නේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත‍්‍රණයක්- ශ‍්‍රීලනිප ඇමතිවරුන්ට අවධාරණය කරමින් සිටී.

ඇමති රවි කරුණායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස විරුද්දව ඡන්දය දිය යුතු බව ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ඇමතිවරයෙක් විසින් දුරකතන ඇමතුම් දෙමින් සිය හිතවත් ශ‍්‍රීලනිප ඇමතිවරුන්ට අවධාරණය කරමින් සිටී.
විශ්වාස භංගය හරහා එන්නේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත‍්‍රණයක් බවත් ඊට කෙසේ වත් ඉඩ නොතැබිය යුතු බවත් සදන් කර ඇති මෙම ඇමතිවරයා ඇමති රවි කරුණායක මේ වන තෙක් අධිකරණයකින් වැරදිකරුවෙක් වී නැති නිසා ඔහුට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිත කල යුතු යයිද පෙන්වා දී ඇත.