AD HERE

පොලිස් ස්ථානවල මුල් පුටු හෙල්ලෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 48 ට සහ සහකාර පොලිස් අධිකාරී ASP 5 කට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
මෙම මාරු කිරීම් වලට හේතුව එකම පොලිස් ස්ථානයේ අවුරුදු තුනකට වඩා වැඩි කාලයක් සේවය කිරීම බවද පොලිස් මූලස්ථානය කියයි. එනම් මේ පිරිස් රාජපක්ෂ යුගයේ සිට මාරු වීමක් ලබන්නේ මෙදා ය.  
මාරු කර ඇති ASP ලා මෙසේය:
සහකාර පොලිස් අධිකාරි ඒ . පී. නැව්ගලගේ මහතා බදුල්ල කොට්ඨාශයේ සිට කොළඹ උතුර කොට්ඨාශය වෙත
සහකාර පොලිස් අධිකාරි ආර්. ඒ .ආර්. එන් .රාජපක්ෂ මහතා කිලිනොච්චියේ සිට බදුල්ලට
සහකාර පොලිස් අධිකාරි ජී. එල්. ලීලාරත්න මහතා ක්‍රීඩා කොට්ඨාශයේ සිට කිලිනොච්චියට
සහකාර පොලිස් අධිකාරී එච් .ජී .ඩී .එස් .අමරසිංහ ගම්පහ කොට්ඨාශයේ සිට තංගල්ල කොට්ඨාශයට
සහකාර පොලිස් අධිකාරී  එල් .ආඒ. කුමාරසිරි මහතා තංගල්ල සිට මඩකලපුව දක්වා ද මාරුකර තිබේ.
මාරු කර ඇති පොලිස් ස්ථානාධිපතිවරු මෙසේය:
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන ඩී. සී .ගොඩගේ මහතා මීගහතැන්න පොලීසියේ සිට මහනුවර පොලීසිය වෙත
ජේ. එල්. අජිත් කුමාර මහතා රත්නපුර පොලිසියේ සිට ගාල්ල වෙතද,
කේ.ඒ. උදයකුමාර මහතාා, ගාල්ල සිට රත්නපුර පොලීසිය වෙත,
සි.කේ. හෙට්ටි ආරච්චි මහතා හැටන් සිට පුත්තලම වෙත
එල්. එම්. ජමිල් - අක්කරේපත්තුව සිට හැටන්,
එස්.ජේ.පී.සමන් කුමාර පොලිස් වෛද්‍ය කොට්ඨාශයේ සිට අක්කරේපත්තුව,
කේ.එම්.ඒ. පෙරේරා මාන්කුලම් සිට ගම්පහ වෙතද,
ඩී .පි .කේ. ප්‍රෂ්පකුමාර කැකිරාව සිට මාන්කුලම් වෙත,
ටී.එම්.ටී.බී. ගනේගොඩ, පුල්මුඩේ සිට කැකිරාව,
ජී. වි.ඒ .කේ .සී .ආරියවංශ පේරාදෙණිය සිට පුල්මුඩේ,
එච්.එස්.එම්. කල්දේරා මාතර සිට පේරාදෙණිය,
ජී.ආර්.එච්.ආර්.ඩි. අමරසේන ගාල්ල සිට මාතර,
ඩබ්.ඩබ්. අල්ලස් හෝ දූෂණ කොට්ඨාශයේ සිට ස්ථානධිපති අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම,
පී.ඒ.එල්.ඒ. විජේරත්න හිටපු ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ සිට එම කොට්ඨාශයේ ස්ථානාධිපති ලෙස,
ඩබ්ලිව්.ඒ.සෝමරත්න වවුනියාව සිට කොස්ගම,
ඩබ්.ඒ. මහින්ද අම්බලන්ගොඩ සිට වවුනියාව,
ඒ.අයි. ගමගේ කොස්ගම සිට අම්බලන‍්ගොඩ,
සී.පී.කේ විජේසේකර හක්මන සිට මහියංගණය,
පී.කුමාරදාස චීන වරාය සිට පන්නල,
එල්.එල්.අයි. ක්‍රිශාන්ත මාතර සිට චීන වරාය,
ඒ.එම්.පී.එච්.කේ. අතපත්තු වැලිවේරිය පොලිස් ස්ථානාධිපති,
එස්.එම්. ලයනල් කිරිඳිවැල පොලිස් ස්ථානාධිපති,
ආර්.ඩී. සි .අනුරාධ ගොතටුව පොලිස් ස්ථානාධිපති,
කේ.කේ.ජේ. තුෂාර පොලිස් ස්ථානාධිපති කොටවිල,
යූ.ඒ.වීරසේකර පොලිස් ස්ථානාධිපති අහංගම,
කේ .කේ.ජී. ආර්.එස්. බන්දුලසේන ස්ථානාධිපති රිදීමාලියද්ද,
ඩබ්.එම්. උදයපාල ස්ථානාධිපති කරඩුගල,
එස්.එම්.කේ.ආර් .හේරත් ස්ථානාධිපති ගොවිඳුපුර,
ජේ.බී. එස්.බී. කුමාර ස්ථානාධිපති ඔක්කම්පිටිය,
ඩබ්.එච්.ඒ.එන්.පී. විරවර්ධන ස්ථානාධිපත් හක්මන,
එන්.ඩී. හෙට්ටිආරච්චි ස්ථානාධිපති වේල්ලවීදිය,
එම්. ගුණතිලක ස්ථානාධිපති පයාගල,
එච්.ටී.එම්.තුෂාර ස්ථානාධිපති මීටියාගොඩ,
ඩබ්.කේ.ආර්. විජේසිංහ ස්ථානාධිපති පෝද්දල සිට සෙට්ටිකුලම,
පි .එන්.බී. මාගෙදරගම ඉගිනියාගල සිට පෝද්දල,
එන්.ඩී .එස්. පී. නිවුන් හැල්ල පලාලි සිට මිද්දෙණිය,
එම්.ජී.පී. සංජීව මිද්දෙණිය සිට පලාලි,
එස්.පී.කේ. සේනානායක ‍ස්ථානාධිපති බෝගහවැව,
එච්.සී.එස්.කේ. ආරියරත්න රිච්චන්කුලම,
පී.එල්.පී. චන්ද්‍රසේකර ස්ථානාධිපති උළුක්කුලම,
ඩී.ඒ.ඒ. පියදාස සිරිපුර සිට ඉංගිරිය,
එච්.එම්.කේ. රත්නායක කුලියාපිටිය සිට පල්ලේවෙල, 
දක්වාද මාරුකර තිබේ.