AD HERE

කොළඹට තරගවදින රෝසි සේනානායක මහත්මිය ගැන දත්, නොදත් තොරතුරු

හිටපු විවාහක රූ රැජිනක්, සිනමා නිළියක්, ප්‍රබල දේශපාලනඥවරියක් සහ අද අග්‍රාමාත්‍ය, නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබන රෝසි සේනානායක මහත්මිය ගැන දත්, නොදත් තොරතුරු ඇගෙන්ම අසා දැන ගන්න

අපි ඇගේ කාර්යාලයට ගොඩ වැදුණෙමු.
“ආයුබෝවන්..”
“ආයුබෝවන්,

ප්‍ර – එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණේ කොහොමද? මටත් බොහෝ පක්ෂවලින් ආරාධනා ලැබුණා. ලිබරල් පක්ෂයෙන් ආරාධනා ලැබුණා. හෙළ උරුමය පටන් ගනිද්දිත් මට ආරාධනා කළා. ඒ වගේ පක්ෂ ගණනාවක් මට කතා කළත් මට හැමදාමත් විශ්වාස තිබ්බෙ එක්සත් ජාතික පක්ෂය ගැනයි. එක්සත් ජාතික පක්ෂය මේ රටේ වාරි කර්මාන්තයට කරපු දේ, ගොවි ජනපද බිහි කරපු ඒවා, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවා ඇති කරලා රටට කරපු සේවය අති විශිෂ්ටයි.
ප්‍ර – එජාපයෙන් කතා කළාද ඇවිත් සම්බන්ධ වෙන්න කියලා? සාමාන්‍යයෙන් සමාජයට සේවය කරනකොට එහෙම ආරාධනා ලැබෙනවා. නමුත් ඒ ආරාධනා හැම එකක්ම පිළිගත්තේ නැහැ. මම ගොඩක්ම විශ්වාසයෙන් වැඩ කළේ ජේ.ආර්. ජයවර්ධන ආර්යාවත් එක්කයි. ඒ වගේම මගේ දේශපාලන ‘අ’ යන්න ‘ආ’ යන්න ඉගෙන ගත්තේ රණසිංහ ප්‍රේමදාස ආර්යාවගෙන්. ඒ ගැන මම කතා කළ යුතුමයි. ප්‍රේමදාස ආර්යාව සේවා වනිතා ඒකකය හරහා ගම් නියම්ගම්වලට ගිහින් කාන්තාවන්ගේ අඩුලුහුඬුකම් හඳුනාගෙන අවශ්‍ය පහසුකම් ලබාදුන්නා. විවිධ ව්‍යාපෘති හරහා, ජංගම ජනාධිපති සේවාවන් හරහා, සේවා වනිතා ඒකකයත් ගම්වලට යනවා.
මට ඒ අවස්ථාව ලැබුණා. ගම්වල මිනිස්සුත් එක්ක ගැටෙන්න. ඒ ගැන හොඳ වැටහීමක් මේ හරහා ලැබුණා. එහෙම තමයි දේශපාලනයට පිවිසුණේ.
ප්‍ර – මතෛක් ආපු දේශපාලන ගමන් මග ගැන කතා කළොත්? මම 1986-87 සේවා වනිතා ඒකකයත් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ 1988 ප්‍රේමදාස ආර්යාවත් එක්ක ඉතාමත්ම කිට්ටුවෙන් යාවජීව සාමාජිකාවක් ලෙස පූර්ණකාලීනව සේවා වනිතා ඒකකයත් එක්ක කටයුතු කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයෙදිම තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයකු ලෙස මාව පත් කළා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ කාන්තා ඒකකයට එක්වුණා. 1994 රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂය භාරගත්ත වෙලාවේ එතුමා ඉල්ලීමක් කළා නැවතත් පක්ෂය එක්ක වැඩ කරන්න කියලා. මොකද මම ප්‍රේමදාස මහත්තයාගේ අභාවයෙන් පස්සේ ‍පොඩ්ඩක් දේශපාලන කටයුතුවලින් ඈත්වෙලා හිටියේ. පස්සේ 94-95 අතර කා‍ලේ පක්ෂෙට ගියාම ලක් වනිතා සංවිධානයත් එක්ක එකතු වුණා. 1996 මම සම්බන්ධීකරණ ‍ලේකම්වරයා බවට පත්වුණා ලක් වනිතා පෙරමුණේ. 1997 මම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකාවක් බවට පත්වුණා. මේ වසරට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අඛණ්ඩ සාමාජිකාවක් ලෙස වසර 20ක් කටයුතු කරනවා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. එහෙම ගමනක තමයි මම ආවේ.
ප්‍ර – මේ පාර මැතිවරණයේදී මොකද වුණේ? ඒක ඉතින් ජනතාවගෙන් තමයි අහන්න වෙන්නේ.
ප්‍ර – ඇයි ඔබ වගේ ජනප්‍රිය චරිතයකට ජනතාව ඡන්දය ලබා නොදුන්නේ? ඒක ගැන කතා නොකරන තරමට හොඳයි කියලා මට හිතෙනවා. මම ඒකට හේතුව දන්නෙ නැහැ. මම මගේ පූර්ණ කාලය, ශ්‍රමය සියල්ලම වැය කරලා පක්ෂය වෙනුවෙන්, රජය වෙනුවෙන්, විශේෂයෙන්ම ඇමැතිවරයෙක් හැටියට කටයුතු කළා. ඒක ජනතාවගේ තීන්දුවක්. මගේ අදහස් වෙනස්. නමුත් ඒ අදහස් කතා නොකරන තරමට හොඳයි.
ප්‍ර – ඡන්දය පැරදුණාම මොකද හිතුණේ? මම ජය පරාජය දෙකම භාරගන්න තමයි යමක් කරනවා නම් කරන්නේ. පැරදෙයි කියන තැනට වඩා ජයග්‍රහණය කරන්න ඕන කියන තැන ඉඳන් වැඩ කරනවා. නමුත් පැරදුණොතින් ඒක ජනතාවගේ තීන්දුව නම් එහෙම නම් කමක් නැහැ කියලා හිස නවලා පැත්තකට වෙනවා කියලා තමයි හිතාගන්නේ.
ඡන්දේ පැරදුණාමත් මට ලැබිච්ච ප්‍රතිචාර ඉහළයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මිනිස්සු අත්සන් කරලා ලොකු ‍පොතක් ගෙනැල්ලා දුන්නා. ඒකට කොළඹ දිස්ත්‍රික්කයේ අත්සන් 4000කට වඩා තියෙන්න ඇති. මම හිතන්නේ රටේ ජනතාවත් පුදුමයට පත්වුණා මම තේරීපත් වුණේ නැත්තේ ඇයි කියලා. ගොඩ දෙනෙක් අදටත් දුක්වෙනවා මම නැහැ කියලා පාර්ලිමේන්තුවේ.
ප්‍ර – ඡන්දය පැරදුණාට පස්සේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධුරය භාරගන්න කියලා පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් ලැබුණා. ඇයි ඒ පදවිය ප්‍රතික්ෂේප කළේ? ඒක ඉතාම ඉහළ තනතුරක්. නමුත් මම ජනතාවට ‍පොරොන්දු රාශියක් දීලා එක්සත් ජාතික පක්ෂය බලයට එනකොට ජනතාවට සේවයක් කරන්න පුළුවන්කමක් තියෙද්දී මම මගේ බෑග් පැක් කරලා එංගලන්තයට යනවා නම් මා ගැන බලා‍පොරොත්තු තියපු ජනතාවගේ  බලා‍පොරොත්තු බිඳ දැමීමක්. එහෙම කළා නම් මම හිතන්නේ මම ආත්මාර්ථකාමී පුද්ගලයෙක් කියලයි මම දකින්නේ.
මට ගිහිල්ලා මහා බ්‍රිතාන්‍යයේ ඉඳගෙන හොඳ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නත් තිබුණා රටට සේවය කරන ගමන්. නමුත් මෙතැන ඉඳගෙන ජනතාව කරන සේවයට මම ඊට වඩා කැමතියි.
ප්‍ර – ඇත්තටම ඔතැන ඉඳගෙන මොකද කරන්නේ? දවසකට දහස් ගණනකට සේවය කරන්න මට මේ හරහා ඉඩ ලැබෙනවා. අගමැතිතුමාට සෘජුවම සම්බන්ධ වෙන්න බැරි සියලු දෙනාම ඇවිල්ලා මාව හම්බවෙලා එයාලගේ ගැටලුවලට විසඳුම් බලා‍පොරොත්තු වෙනවා. ඒ ගැන මම බොහෝ සතුටට පත්වෙනවා. තනි පුද්ගලයෝ විතරක් ‍නෙවෙයි, වෘත්තීය සමිති, විවිධ සංවිධාන ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡා කරනවා. දේශපාලනික වශයෙන් ඔවුන් සියලු දෙනා දිහා බලන්නේ මම.
ප්‍ර – ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් නොලැබිම ගැන මොකද හිතන්නේ? ඒක පක්ෂ ප්‍රතිපත්තියක් නම් මම ඒකට ගරු කරනවා. නමුත් ඒ ප්‍රතිපත්තිය කඩලා පැරදිච්ච වෙන අයට දෙනවා නම් මට කලකිරීමක් තියෙනවා.
ප්‍ර – ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවට තරග කරනවාද? මම කොළඹ නගර සභාවට තරග කරනවා.
ප්‍ර – මොනවද ඒ සඳහා ඇති සැලසුම්? කොළඹ නගර සභාව කියන්නේ විශාල ජනතාවක් ජීවත්වන නගර සභා සීමාවක්. ඒ සීමාව තුළ කරන්න බොහෝ දේවල් තියෙනවා. අද අපිට කසළ බැහැර කිරීමේදී ගැටලු මතුවෙනවා. කසළ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවුණා.
දැන් තියෙන වාතාවරණයට මූලික හේතුව තමයි මීතොටමුල්‍ලේ සිදුවෙච්ච කනගාටුදායක තත්ත්වය. ඒ වගේ තත්ත්වයක් රටේ ඇතිවිය යුතු නැහැ. මේ රටේ ඒ වගේ තත්ත්වයක් ඇතිවුණා කියන එක ගැන මම කනගාටු වෙනවා. මීතොටමුල්ලට ගිහිල්ලා කසළ බැහැර කරන තත්ත්වයකට අපි පත්වෙන්න හේතුව මොකක්ද? මේ වනවිට ලෝකයේ කසළ ප්‍රතිචක්‍රීකරණයේ ක්‍රමවේද තියෙනවා. ඒවා තුළින් බලශක්තිය ඇතිකරන ක්‍රමවේද තියෙනවා. ඇයි මේවට පහුගිය කා‍ලේ ප්‍රවිශ්ට වෙන්න බැරිවුණේ පහුගිය වසර දෙක තුන පුරාවට? එක්කෝ හිටපු පාලකයන්ගේ නොහැකියාව. එහෙමත් නැත්නම් නොසැලකිලිමත් භාවය.
මේ වගේ අපි අලුතින් සිතිය යුතුයි අද තාක්ෂණය දියුණුවෙලා තියෙන අවස්ථාවේ. මේක අමාත්‍යාංශ ගණනාවක් එකතුවෙලා, ආයතන ගණනාවක් එකතුවෙලා සාකච්ඡා කරලා යම්කිසි වැඩසටහනක් දියත් කළ යුතු ජනතා ප්‍රශ්නයක්. මේවට තමයි ආණ්ඩුව ඉන්නේ, මේවට තමයි පළාත් පාලන ආයතන තියෙන්නේ. කසළ කළමනාකරණය පිළිබඳව අපි වැඩි අවධානයක් යොමුකරන්න ඕන.
ප්‍ර – යහපාලන ජාතික රජය ගැන ඔබ තෘප්තිමත්ද? මම විශ්වාස කරනවා බෙදුම්වාදී දේශපාලනය නිසාමයි අපි අදටත් ආපස්සට ගිය රටක් බවට පත්වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දකුණු ආසියාව ගත්තොත්, දකුණු ආසියාවේ බොහෝ රටවල් අද ශීඝ්‍රයෙන් දියුණු වෙමින් ඉස්සරහට යන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අද බංග්ලාදේශය, තායිවානය වගේ රටවල් අපි අබිබවා ගිහිල්ලා තියෙනවා.
චීනය, ජපානය, ඉන්දියාව ශක්තිමත් වෙලා තියෙනවා. සම්මුතිවාදී දේශපාලන ක්‍රමවේදයක් යටතට යෑම අපිට කරන්න තිබුණේ දශකයකට ඉස්සෙල්ලා. තාමත් පරක්කු වැඩියි මම හිතන විදිහට. පරක්කුවෙලා හරි අපි ප්‍රධාන පක්ෂ දෙක එකතු කරගෙන යන ගමන වැදගත්.
අපිට අවශ්‍යම වෙලා තියෙන්නේ අලුත් මැතිවරණ ක්‍රමයක්. අලුත් ව්‍යවස්ථාවක් ජාතික රජය හරහා මේ දේවල්වලට විසඳුම් ලබාදිය යුතුයි.
ප්‍ර – රටේ ඊළඟ නායකයා කවුරුන් විය හැකිද? මම හරි සතුටුයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති වීමත්, ඒ වගේම මේ රටේ අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් හිමිවීම ගැන. මම හිතනවා මේ රට ඉදිරියට ගෙනියන්න දූරදර්ශී දැක්මක් එක්ක එතුමන්ලා කටයුතු කරනවා කියලා. එතුමන්ලා ගන්න තීරණ ගැන අපිත් විවේචනය කරනවා, අපිට ඉදිරිය පේන්නේ නැති නිසා. අපි හැමදාම බලයට ඇවිල්ලා ඉක්මනට අපට ලබාගන්න පුළුවන් දේවල් ගැන බලන්නේ. දිගුකාලීනව ලැබෙන ප්‍රතිඵල ගැන අපි හිතන්නේ නැහැ. එහෙම දූරදර්ශී නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ.
එතුමාගේ එකම පරමාර්ථය අනාගතයට බරක් නොවන පරම්පරාවක්, අනාගතයට මුහුණ දෙන්න පුළුවන් දක්ෂ තරුණ පරම්පරාවක් බිහි කිරීම. මම විශ්වාස කරනවා මේ හවුල, මේ බැඳීම තව ශක්තිමත් කරනවා මිසක් එය කැඩිය යුතු නැහැ. සමහරු තම තමන්ගේ වාසිය තකා බලලෝභීකමින් සිදුකරන ක්‍රියා ගැන මම කනගාටු වෙනවා.
උපුටා ගැනීමකි
සාකච්ඡා කළේ-නිමල කොඩිතුවක්කු