AD HERE

‘‘කරදියාන සම්බන්ධයෙන් මට මුලින්ම සම්බන්ධ වීමට ලැබුණේ එයට එරෙහිව ලැබුණ පැමිණිල්ලක් නිසයි. ඒ මම පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේදීයි.-අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා

අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ වරාය වැනි සංවර්ධන ව්‍යාපෘතිවලට මෙන් කසල ප‍්‍රතිචක‍්‍රීකරණය වෙනුවෙන් ප‍්‍රතිපාදන වෙන් නොකළ නිසා කසලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය වසර තුන හතරක් තිස්සේ ප‍්‍රමාද වූ බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද(17) කරදියානේදී පැවසීය.
රණවක මහතා මෙසේ පැවසූයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධාන්තවයෙන් කසලින් විදුලිය ජනනය කිරිමේ තෙවන ව්‍යාපෘතිය කැස්බෑව කරදියාන කසල අංගනයේදී ආරම්භ කිරිමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
මෙම ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් දහයක ධාරිතාවයක් එක්කිරීමට බලාපොරොත්තු වේ. අපද්‍රව්‍ය වර්ගීකරණය කර ප‍්‍රතිනිෂ්පාදන ද්‍රව්‍ය නිපදවීමට ප්ලාස්ටික් හා පොලිතීන් ද්‍රව්‍ය යෙදවීමත් තවත් කොටසකින් ජීව වායු නිපදවා දහනයට සලස්වා විදුලිය නිපදවීමත් එහි අතුරුපළ ලෙස කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයත් මෙම ව්‍යාපෘතියේ සමස්ත සැලැසුමට ඇතුළත් වේ.
‘‘කරදියාන සම්බන්ධයෙන් මට මුලින්ම සම්බන්ධ වීමට ලැබුණේ එයට එරෙහිව ලැබුණ පැමිණිල්ලක් නිසයි. ඒ මම පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේදීයි. මම මේ ගැන සොයන්න මෙහාට ආවා. මෙතන කසල දැමීම ආරම්භ කරලා තිබුණේ පෞද්ගලික ආයතනයක්. අපේ කසල කොතැනකට හෝ දමන්න  ඕන. වරද තිබෙන්නේ ඒවා නිසි කළමනාකාරිත්වයක් ඇතිව බැහැර නොකිරීමයි. ඒ නිසා ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි කියන අදහසකට එදා අපි ආවා. ඒ අනුව අපි පිළිසරු ව්‍යාපෘතිය ආරම්භ කළා. නමුත් ඒ සඳහා රජයෙන් මුදල් ලැබුණේ නැහැ. ඒ නිසා අපි අපද්‍රව්‍යවල තිබෙන ප්ලාස්ටික් ද්‍රව්‍ය විකුණලා ඒ ආදායමෙන් ව්‍යාපෘතිය කරගෙන ගියා‘‘ යැයි ද ඇමැතිවරයා කීය.