AD HERE

බීච් පාර්ටි සංවිධානය කරමින් නීති විරෝධි මත් ද්‍රව්‍ය විකුණන පිරිසක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ඒ අතර මත් කුඩු විකුණූ අමාත්‍යාංශ රියදුරකුත්

වෙරළ සාද සංවිධානය කරමින් තරුණ තරුණියන්ට මත් පෙති ඇතුලු මත් ද්‍රව්‍ය විකුණන පිරිසක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිස මත්ද්‍රව්‍ය ද රැගෙන ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී ගල්කිස්ස ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
මෙම ජීප් රථය පදවා ඇත්තේ අමාත්‍යංශයකට අනියුක්ත රියදුරෙකු බව සදහන්.
ජීප් රථය නවතා පරීක්ෂා කිරීමේදී වෙරළ සාද සඳහා බහුලව භාවිත කරන එකක් රුපියල් 7500 බැගින් වන මත්පෙති 12ක් ද, කුෂ් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 10කට ආසන්න ප‍්‍රමාණයක් සහ කොකේන් ග‍්‍රෑම් 03ක්ද හමුවී ඇත.
නීති විරෝධි දුම්වැටි පැකට් නවයක්ද එහි තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අය අතුරින් ප‍්‍රධානියා ලෙස හඳුනාගෙන ඇත්තේ හේරත් මුදියන්සේලාගේ මහින්ද උපාලි කරුණාරත්න නමැත්තෙක්.
ඔහුට අයත් ජාඇල ප‍්‍රදේශයේ නිවසක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂා කර තිබෙනවා.
එහි තිබී හෂීස් වර්ගයේ මත් කුඩු ග‍්‍රෑම් 10කට ආසන්න ප‍්‍රමාණයක් ද, නීති විරෝධි දුම්වැටි පැකට් 11ක් සහ විදේශීය මත්පැන් තොගයක් ද හමු වී ඇති බවයි පොලිස් ආරංචි කියා සිටියේ.
ඊට අමතරව සැක සහිත කඩු දෙකක් ද මෙම නිවසේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙන බව සදහන්.