AD HERE

අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව අවසන් එකඟතාවයකට පැමිණයි


අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව අවසන් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් මේ වන විට එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ ඒ පිළිබඳ බලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරීමටයි. 
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට අවසන් වී තිබෙනවා.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත් වුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. 
මෙම සාකච්ඡා සඳහා එක්සත් ජතික පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ සාමාජිකයින් රැසක් එක්ව සිටියා.