AD HERE

අමෙරිකාවේ ආරක්ෂක හා ආර්ථික මර්මස්ථාන රැසකට පහරදීමේ හැකියාව උතුරු කොරියාව සතු බව අමෙරිකානු යුධ විශේෂඥයකු තහවුරු කර තිඛෙනවා.

අමෙරිකාවේ ආරක්ෂක හා ආර්ථික මර්මස්ථාන රැසකට පහරදීමේ හැකියාව උතුරු කොරියාව සතු බව අමෙරිකානු යුධ විශේෂඥයකු තහවුරු කර තිඛෙනවා.
මේ වන විට උතුරු කොරියාව සතු න්‍යෂ්ඨික අවි මගින් එකවර මෙම පහරදීම සිදුකළ හැකි බවයි විශේෂඥයා විසින් ධවල මන්දිරය වෙත වාර්තා කර ඇත්තේ.
උතුරු කොරියාව විසින් අමෙරිකාව දක්වා දුරකට පහර දිය හැකි අධිබල න්‍යෂ්ටික අයි සී බී එම් මිසයිලය පසුගියදා සාර්ථකව අත්හදා බලා තිබුණා.
එමගින් තම රටේ ආරක්ෂාව තහවුරු කරගත් බවයි උතුරු කොරියානු නායකයා අවධාරණය කර තිබුණේ.
තම රටට තර්ජනයක් වන ඔ්නෑම අවස්ථාවක උතුරු කොරියාව විසින් අමෙරිකාවට පහරදෙන බවද කිම් ජොන් අන් සදහන් කළා.
මෙම තර්ජනය පිළිබද අමෙරිකාවේ දැඩි අවධානය යොමුකර තිඛෙනවා.